Atleeගේ සහායකයා Sivakarthikeyan සමඟ තිරයට

Avatar Nisanka Weheraduwa | November 22, 2021 135 Views 0 Likes 0 Ratings

135 Views 0 Ratings Rate it

දමිළ සිනමා කර්මාන්තය තුළ සෙමෙන් සෙමෙන් තමන්ගේ ස්ථාවරත්වය ගොඩ නඟා ගත් තරුණ රංගන ශිල්පියෙකු වන Sivakarthikeyan වර්ථමානය වන විට කොලිවුඩයේ ජනප්‍රියතම තාරකාවක්. රූපවාහිනී වැඩසටහන් නිවේදනයෙන් තමන්ගේ ගමන ඇරඹූ ඔහු අද වන විට දක්ෂ රංගන ශිල්පියෙකු වගේම ගායකයෙක්, ගීත රචකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විදිහටත් සාර්ථකයි. 3, Seemaraja, Remo, Kanaa වැනි සිනමාපට හරහා තමන්ගේ ජනප්‍රියත්වය රඳවා ගත් Sivakarthikeyanව අවසන් වරට දැකගත හැකි වුනේ 2019 වසරේ තිර ගත වූ Hero දමිළ චිත්‍රපටයෙනුයි.

Cibi Chakaravarthi අධ්‍යක්ෂණය කරන Don චිත්‍රපටයට ඔහු පසුගිය දිනවල රංගනයෙන් එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එයින් පසුව සිවකාර්තිකයෙන් එකතු වන සිනමාපටය ගැන පසුගියදා මාධ්‍යයට අනාවරණය කෙරුනා. ඉන්දීය මාධ්‍යවලට අනුව Sivakarthikeyan සම්බන්ධ වන මෙම නව නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ Their, Bigil, RajaRani වැනි ජනප්‍රිය චිත්‍රපට නිර්මාණය කළ Atlee Kumar යටතේ සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් සේවය කළ Ashok නැමැත්තායි. ඒ වගේම මෙය ඔහු විසින් අධ්‍යක්ෂණය කරන පළමු චිත්‍රපටය බවටත් පැවසෙනවා.

Singa Padhai ලෙසින් නම් කර ඇති මේ චිත්‍රපටයේ සිවා ද්විත්ව චරිතයක් නිරූපණය කිරීමත් විශේෂත්වයක්. 2018 වසරේදී තිරගත වූ Seemaraja චිත්‍රපටයෙන් පසු ඔහු විසින් ද්විත්ව චරිතයක් බාරගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි. ඇතැම් ඉන්දීය වෙබ් අඩවි විසින් මෙය පිය-පුතු චරිතයක් විය හැකි බවට වාර්තා කළත්, Singa Padhai චිත්‍රපටයට දෙ-සොයුරු චරිතයක් මුල් විය හැකි බව තවත් පිරිසක් පවසනවා. කෙසේ නමුත් මෙහි සිවකාර්තිකෙයන් රඟන චරිතය තවමත් නිශ්චිතව දැන ගන්නට නැහැ.

පසුගිය සැප්තැම්බර් 20වනදා Cibi Chakaravarthiගේ Don සිනමාපටයේ රූපගත කිරීම් අවසන් වූ නිසා ඔහු නුදුරු දිනකදීම Singa Padhai හි නිෂ්පාදන කටයුතු සඳහා එක් වනු ඇති. Singa Padhai හි අධ්‍යක්ෂක Ashok, කලක් තිස්සේම Atlee Kumar යටතේ සේවය කළ අයෙක් නිසා ඔහුත් Atleeගේ ආරට family entertainments නිර්මාණය කරනු ඇති බවටයි සිනමා විචාරකයින් දැනටමත් ඉඟි පළ කරන්නේ. Sivakarthikeyan බොහෝ දුරට entertaining comedy චරිත සඳහා මූලිකත්වයක් දෙන නිසා Singa Padhai චිත්‍රපටයත් rom-com ශානරයට අයත් වන්නට හැකි බවට අදහස් පලවනවා. ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ D Immanගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙම සිනමාපටය නිෂ්පාදනය කරන්නේ KJR Studios විසිනුයි. ඉදිරියේදී නිකුත් වීමට නියමිත Rajinikanthගේ Annaatthe සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේත් D.Imman නිසා මේ දිනවල ඔහු ගැන කතාබහ තවත් වැඩිවී තිබෙනවා.

Don චිත්‍රපටයට පෙර Sivakarthikeyan සහභාගී වූ Ayalaan චිත්‍රපටයේ ඔහු රඟපාන්නේ සුරූපි නිළි Rakul Preet Singh සමඟයි. විද්‍යා ප්‍රබන්ධ කතාවක් මුල් කරගනිමින් ගොඩ නැගුනු Ayalaan වෙනුවෙනුත් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී තිබෙනවා. ඒ වගේම ඔහුගේ නවතම චිත්‍රපටය Doctor, පසුගිය ඔක්තෝබර් මාසයේදී තිරගත වුනා. ඉන්දී්‍ය කෝටි 100කට අධික ආදායම් වාර්තාවක් සමඟින් ඔහුගේ සිනමා ජීවීතයේ වැඩිම ආදායම් ලැබූ නිර්මාණය බවට පත් වෙන්නත් Doctor චිත්‍රපටයට හැකිවුනා. සිවකාර්තිකෙයන්ගේම SK Productions චිත්‍රපට ආයතනයෙන් නිෂ්පාදනය කළ Doctor චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ Nelson Dilipkumar ය. මේ දිනවල දමිළ සුපිරි නළු විජේගේ Beast සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේද Nelson විසින්මයි.

Share

135 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.