සුගත් සමරකෝන් සම්මානයෙන් පිදුම් ලබයි.

Avatar Cinema.lk A | August 9, 2012 123 Views 0 Likes 0 Ratings

123 Views 0 Ratings Rate it

විජය කුවේණි සිනමාපටයෙහි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් ජාතික හෙළ උරුමයේ නවවැනි සංවත්සරයදා සම්මානයට පාත්‍ර විය. එම සම්මානය ප්‍රදානය කරන ලද්දේ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් අතිනි.

එහිදී සුගත් ලබා ගත්තේ හෙළ සිනමාව ඓතිහාසික ඉසව්වකට නිර්මාණශීලීව රැගෙන යාමේ අපූර්ව සිනමාවේදියාට හිමි සම්මානයයි. මහරගම යොවුන් රඟහලේ පැවති මෙම චාම් උත්සවය සඳහා අමාත්‍ය පාඨලි චම්පික රණවක, අතුරුලියේ රතන හිමියන්, විජය කුවේණි නිෂ්පාදක ගයාන් රණධීර ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

අති සාර්ථක අන්දමින් තිරගතවන විජය කුවේණි එළඹෙන 16 වැනිදාට දින සියය සපිරෙයි.

Share

123 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.