Youth Film Festival – හොඳම කැමරාකරණය, කුලරුවන්

Avatar Nisanka Weheraduwa | December 2, 2019 399 Views 0 Likes 0 Ratings

399 Views 0 Ratings Rate it

ජාතික තරුණ සේවා සභාවේ NYSCO video අංශය සංවිධාන කළ Youth Film Festival චිත්‍රපට උළෙල පසුගියදා පැවැත්වුනා. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී පැවති චිත්‍රපට උළෙලට කෙටි චිත්‍රපට 14ක් සහ වාර්තා චිත්‍රපට 08ක් තරග වැදුනා. මේ අතුරින් හොඳම කැමරාකරණය සඳහා වන සම්මානය දිනාගැනීමට කුලරුවන් ගමගේ සමත්වී තිබෙනවා. රන්දී පවිත්‍රා කළුආරච්චි අධ්‍යක්ෂණය කළ BLESS THIS HOME චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙම සම්මානය කුලරුවන්ට හිමිවුනා.

අශාන් ඩයස් සහ බිම්සරා ප්‍රේමරත්න රංගනයෙන් දායක වුනු මේ කෙටි චිත්‍රපටය හරහා ගෘහස්ථ හිංසනය පිලිබඳවත්, දෙමව්පියන්ගේ හැසිරීම් දරුවන්ගේ ජිවිත කෙරෙහි කෙතෙක් දුරට බලපාන්නේද යන්න පිලිබඳවත්  සාකච්චාවට ගැනෙනවා.

Share

399 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.