ජපාන සිනමා අත්දැකීමක් – ජපන් සිනමා උළෙල කොළඹදී
ජපාන සිනමාව අපට එතරම්ම සමීප නොවුනත් සියවසකට අධික ඉතිහාසයක පටන් ජපාන ජාතිකයින් අතර සිනමාව ප්‍රචලිතයි. භාෂාව සහ වෙනත් විවිධ සංස්කෘතික කරනා නිසා අපට ජපාන සිනමාව එතරම් සමීප නොවනවා වන්නට පුළුවන්. ඒ නිසාම ජපාන සිනමා අත්දැකීම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත සමීප කරවීමේ අරමුණින් ජපන් තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව ජපන් සිනමා උළෙලක් සංවිධාන කර තිබෙනවා. සිනමාවක් සහිත ජපානයේ අපූරු චිත්‍රපට හතරක් තිරගත කෙරෙන මෙම ජපාන සිනමා උළෙල ජූලි 21 සහ 22 දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. එහි පළමු දිනය වන ජූලි 21 වැනිදා ශානර දෙකකට අයත් ජපාන සිනමාපට දෙකක් තිරගත කෙරෙනවා.
21 / 07 3.00pm It’s a beutiful life (drama)
2012 වර්ෂයේ තිරගත වුනු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Osama Minorikawa විසින්. චිත්‍රපටය සඳහා තිර රචනය Noriko Nishiguchi විසින් සිදුකළා. Kazuko Yoshiyuki, Sumiko Fuji, Mie Nakao, Tatsuya Fuji, Yuta Hiraoka, Eri Murakawa, Shigeyuki Totsugi ඇතුළු පිරිසක් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වුයේ Isao Ishii විසින්. මෙම චිත්‍රපටය 21 වැනිදා සවස 3.00ට තරංගනී සිනමා ශාලාවේදී තිරගත කෙරෙනවා.
21 /07 5.30pm The Complen (Horror)
21 වැනිදා සවස 5.30ට The Complen චිත්‍රපටය තිරගත කෙරෙනවා. මෙම චිත්‍රපටය Horror කාණ්ඩයට අයත් වන්නක්. 2013 වසරේ තිරගත කෙරුණු චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Hideo Nakata විසින්. Junya Kato, Ryuta Miyake දෙදෙනා විසින් චිත්‍රපටයේ කතාව සහ තිර රචනාව සිදුකොට තිබෙනවා. Atsuko Maeda, Hiroki Narimiya චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පින් වනවා. විනාඩි 160ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය 21 වැනිදා සවස 5.30ට තිරගත වනවා.
ජපන් සිනමා උළල සමග සම්බන්ධ වී ජපාන සිනමා අත්දැකීමක් විඳින ලෙස ජපාන තානාපති කාර්යාලය මෙරට සිනමාලෝලීන්ට ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa
