චිත්‍රපට 19යි – අලුත් අධ්‍යක්ෂවරු 7 යි

Avatar Cinema.lk A | January 2, 2015 175 Views 0 Likes 0 Ratings

175 Views 0 Ratings Rate it

2014 වසර කියන්නේ මෙරට සිනමා ක්ෂ්‍රේත්‍රයේ දැනෙන වෙනස්කම් රැසක් සිදුවු වසරක්.පහුගිය වසරේ කිහිපයේම අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් චිත්‍රපට බිහිවෙද්දී ගිය වසරේ විතරක් සිනමාපට 19ක් නිපදවලා තියෙනවා.ඒ වගේම මෙම චිත්‍රපටය දහ නවය  මෙරට සිනමාවට කුළුදුල් සිනමාකරුවන් හතක් හිමිකරලා දීලා තියෙනවා.ඒ වගේම අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ඇති සිනමා උළෙලක් සංවිධානය කරන්න මෙරට සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයට හැකි වීම මෙරට සිනමා ක්ෂ්‍රේත්‍රය ලැබු විශාල ජයග්‍රහණයක්.ලොවට ඩිජිටල් සිනමා තාක්ෂණික ක්‍රමවේදයන් නිල වශයෙන් මෙරට සිනමාවේද භාවිතා කරන්න පටන් ගත්තේ පසුගිය වසරේ පෙබරවාරී 18 වන දා පටන්ය.

 

පහතින් දැක්වෙන්නේ ගිය වසරේ තිරගත වු සිනමාපටයි

ජනවාරි 9 – පරාවර්තන – අධ්‍යක්ෂණය ජයනාත් ගුණවර්ධන (පළමු චිත්‍රපටය)

පෙබරවාරි 15 – රූපාන්තරණ – අධ්‍යක්ෂණය නාලක විතානගේ

පෙබරවාරි 28 – සැමීගේ කතාව – අධ්‍යක්ෂණය ප්‍රියංකර විතානාච්චි (පළමු චිත්‍රපටය)

මාර්තු 06 – සිරි දළදාගමනය – අධ්‍යක්ෂණය සනත් අබේසේකර

මාර්තු 21 – වරිගපොජ්ජ – අධ්‍යක්ෂණය තුෂාර තෙන්නකෝන් (පළමු චිත්‍රපටය)

අප්‍රේල් 17 – සුපිරි අන්දරේ – අධ්‍යක්ෂණය මිෂෙල් ෆොන්සේකා (පළමු චිත්‍රපටය)

මැයි 3 – කොස්තාපල් පුඤ්ඤසෝම – අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරිය

මැයි 28 – රන්ජා – අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්

ජූලි 31 – රාස්ස කැලේ – අධ්‍යක්ෂණය සිරි කුලරත්න

අගෝස්තු 01 – ඇහැලේපොළ කුමාරිහාමි – අධ්‍යක්ෂණය – සුගත් සමරකෝන්

සැප්තැම්බර් 12 – අනගාරික ධර්මපාල – අධ්‍යක්ෂණය සනත් අබේසේකර

සැප්තැම්බර් 19 – කේ සේරා – අධ්‍යක්ෂණය පරාක්‍රම ජයසිංහ

ඔක්තෝබර් 17 – තන්හා රතී රඟා – අධ්‍යක්ෂණය නිලේන්ද්‍ර දේශප්‍රිය (පළමු චිත්‍රපටය)

ඔක්තෝබර් 31 – සතියකට මට රට බාර දෙන්න – සෝමරත්න රාමනායක

නොවැම්බර් 7 – කල්පාන්තේ සිහිනයක් – අධ්‍යක්ෂණය චන්න පෙරේරා

නොවැම්බර් 27 – දුවන මුවන් – අධ්‍යක්ෂණය – ඉන්ද්‍රා වීරසේකර (පළමු චිත්‍රපටය)

දෙසැම්බර් 12 – කෝ මාක් නෝ මාක් – අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන්

දෙසැම්බර් 19 – අපි මැරෙන්නේ නෑ – අධ්‍යක්ෂණය මොහාන් නියාස්

පහුගිය වසරේ අප අතරින් වෙන් වී ගිය කලාකරුවන්

ජනවාරි 10 – ගුණරත්න විතානගේ –‘කලා’ නියෝජ්‍ය සංස්කාරක

ජනවාරි 25 – ඩොරීන් පෙරේරා – ගායිකා

පෙබරවාරි 15 – මහින්ද අල්ගම – ගීත රචක

මාර්තු 01 – ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර – රංගන ශිල්පිනී

මාර්තු 03 – ජෝ මයිකල් – අධ්‍යක්ෂ, නළු

මාර්තු 10 – සුනිල් සාලිය රණවීර – නිෂ්පාදක, නළු

මාර්තු 17 – ඇම්. ඒ. ගෆූර් – කැමරා ශිල්පි, අධ්‍යක්ෂ

මාර්තු 22 – ගාමිණී සමරවීර – කලා අධ්‍යක්ෂ

ජූනි 09 – නන්ද මුණසිංහ – නිෂ්පාදන කළමනාකරු

ජූනි 26 – නන්දා ලීලානායක – රංගන ශිල්පිනී

ජූනි 26 – කඳපොල කුමාරතුංග – අධ්‍යක්ෂ , ගත්කරු

ජූලි 18 – ආනන්ද සෙනෙනවිරත්න – ගීත රචක

ජූලි 22 – වින්සන් ද පෝල් පීරිස් – ගායක

අගෝස්තු 07 – ආචාර්ය ආනන්ද ගුරුගේ – ලේඛක

අගොස්තු 08 – මාලතී විද්‍යාපති – නර්තනාචාරිනී

අගෝස්තු 13 – රෙබෙකා නිර්මලී – රංගන ශිල්පිනී

අගෝස්තු 20 – ජීවානන්ද විරසිංහ – ගුවන් විදුලි නිවේදක

අගෝස්තු 28 – ඇන්ඩෘ ජයමාන්න – කැමරා ශිල්පී, අධ්‍යක්ෂ

අගෝස්තු 29 – හෙක්ටර් හපුගොඩ – නිෂ්පාදන කළමණාකරු

සැප්තැම්බර් 01 – බන්දුල විතානගේ – රංගන ශිල්පී , පරිවර්තක

සැප්තැම්බර් 03 – ජොසපින් ජයලත් – රංගන ශිල්පිනී

සැප්තැම්බර් 07 – අරවින්ද ඉරුගල්බණ්ඩාර – රංගන ශිල්පී, මාධ්‍යවේදී

ඔක්තෝබර් 02 – සේන වික්‍රමාරච්චි – ගුවන් විදුලි නිවේදක

ඔක්තෝබර් 05 – ස්ටැන්ලි ද අල්විස් – සංස්කාරක

ඔක්තෝබර් 19 – ශීලා පීරිස් – ගායිකා, රංගන ශිල්පිනී

ඔක්තෝබර් 21 – ස්ටැන්ලි ඕමාර් – සංගීතඥ

ඔක්තීබර් 27 – කේ. ඩී. නිකලස් – තිරකථා, ගීත රචක

නොවැම්බර් 07 – ශ්‍රීමතී ෆ්ලෝරා දේවි – රංගන ශිල්පිනී

නොවැම්බර් 16 – කරුණාදාස සූරියාරච්චි – මාධ්‍යවේදී, ගත්කරු

නොවැම්බර් 25 – බන්දුු රණසිංහ – ගායක

නොවැම්බර් 27 – කුමා අත්තනායක – රංගන ශිල්පී

නොවැම්බර් 28 – මහින්ද අබේසුන්දර – මාධ්‍යවේදී, ලේඛක

නොවැම්බර් 29 – සුජීව දිසානායක – මාධ්‍යවේදී, ගත්කරු

දෙසැම්බර් 04 – මහාචාර්ය තිස්ස කාරියවසම් – ලේඛක

දෙසැම්බර් 11 – ෆ්‍රෑන්ක්ලින් දසනායක – සංගීතඥ

Thanha-Rathi-Ranga-Sinhala-Film1-1024x768 Ehelepola Kumarihami news (26)Thanha Rathi Ranga Sinhala Film7 [1024x768]

Ehelepola Kumarihami news (14)

KO-MARK-Promo-Stills778__1

Siri Dalandagamanya (4) Siri Dalandagamanya (73) Siri Dalandagamanya (70)

Share

175 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.