OSCAR 2020 – “හොඳම චිත්‍රපටය” සම්මානය දකුණු කොරියාවට

Avatar Nisanka Weheraduwa | February 10, 2020 995 Views 0 Likes 0 Ratings

995 Views 0 Ratings Rate it

හොලිවුඩ් සිනමාවේ දැවැන්ත සම්මාන රාත්‍රිය වන Academy Awards නැතිනම් OSCAR සම්මාන උළෙල ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Los Angeles නුවර Dolby Theaterහිදී පැවැත්වුනා. මෙවර සම්මාන උළෙල සුවිශේෂී බව මේ වෙද්දී සිනමා විචාරකයින් පළකොට ඇති සටහන් වලින් පෙනෙන්නට තියනවා. විශේෂයෙන්ම හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහා පිරිනැමුණු සම්මානයන් (Best picture & Best director awards) මීට හේතුවී තිබෙනවා. ඇකඩමි සම්මාන ඉතිහාසයේ පළමු වරට “හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය විදෙස් භාෂිත චිත්‍රපටයකට (Foreign language film) හිමිවන්නේ මේ වතාවෙයි. ඒ දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන Bong Joon Ho අධ්‍යක්ෂණය කළ Parasite චිත්‍රපටයටයි. මෙවර ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වගේම හොඳම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය (Best international feature film) සම්මානයද Parasite චිත්‍රපටයට හිමිව තිබෙනවා.

92 වැනි OSCAR සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත වුවන් අතරින් සම්මාන බෙදී ගියේ මෙලෙසින්.

හොඳම චිත්‍රපටය (Best picture) සඳහා මෙවර චිත්‍රපට 09ක් නිර්දේශ වී තිබුනා. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී මහජන ප්‍රදර්ශනය සඳහා තිරගත කෙරුණු දකුණු කොරියානු චිත්‍රපටයක් වන Parasiteද මෙම සම්මාන කාණ්ඩය යටතේ නිර්දේශිත නාම අතරට එක්වුනා. ඊට අමතරව Ford v Ferrari, The Irishman, Jojo Rabbit, Joker, Little Women, Marriage Story, 1917, Once Upon a Time in Hollywood යන චිත්‍රපට මෙම නිර්දේශ අතරට එක්වුනා. ඒ අතුරින් හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය Parasite චිත්‍රපටයට හිමිවුනා.

2019 වසරේ තිරගත වුනු චිත්‍රපට වල රංගනයේ යෙදුනු නළුවන් අතුරින් හොඳම නළුවා (Best Actor) සඳහා වන සම්මානය වෙනුවන් Antonio Banderas – Pain and Glory, Leonardo DiCaprio – Once Upon a Time in Hollywood, Adam Driver – Marriage Story, Joaquin PhoenixJoker, Jonathan Pryce – The Two Popes යන නළුවන් නිර්දේශ වී තිබුනා. ඒ අතුරින් Joker චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Joaquin Phoenix වසරේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුනා. මීට පෙර Golden Globes සම්මාන උළෙලේද ඔහු හොඳම නළුවා ලෙස සම්මානිත වුනා.

වසරේ හොඳම නිළිය (Best Actress) සම්මානය වෙනුවෙන් Cynthia Erivo – Harriet, Scarlett Johansson – Marriage Story, Saoirse Ronan – Little Women, Charlize Theron – Bombshell සහ  Renée Zellweger, Judy යන නම් නිර්දේශ වී තිබුනා. ඒ අතුරින් Judy චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Renée Zellweger හොඳම නිළිය සඳහා වන සම්මානය හිමිකර ගත්තා.

Martin Scorsese – The Irishman, Todd Phillips – Joker, Sam Mendes – 1917,  Quentin Tarantino – Once Upon a Time in Hollywood, Bong Joon Ho – Parasite හොඳම අධ්‍යක්ෂණය (Best Director) සඳහා වන නිර්දේශිත නාම අතර සිටියා. ඒ අතුරින් Bong Joon Ho මෙවර හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානිත වුනා.

Best Supporting Actress නැතිනම් වසරේ හොඳම සහය නිළිය සඳහා Kathy Bates – Richard Jewell, Laura Dern – Marriage Story, Scarlett Johansson – Jojo Rabbit, Florence Pugh – Little Women, Margot Robbie, Bombshell යන නිළියන් පස්දෙනාගේ නම් නිර්දේශිත නම් අතරට එක්වුණත් Marriage Story චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Laura Dern එම සම්මානය හිමිකර ගත්තා.

වසරේ හොඳම සහය නළුවා (Best Supporting Actor) සඳහා නළුවන් පස්දෙනෙකුගේ නම් නිර්දේශ අතරට එක්ව තිබුනා. Tom Hanks – A Beautiful Day in the Neighborhood, Anthony Hopkins – The Two Popes, Al Pacino – The Irishman, Joe Pesci – The Irishman, සහ  Once Upon a Time in Hollywood චිත්‍රපටය වෙනුවෙන්  Brad Pitt, ඒ අතර සිටියා. මේ නළුවන් පස්දෙනා අතුරින් සම්මානය දිනාගත්තේ Once Upon a Time in Hollywood චිත්‍රපටයේ  රංගනය වෙනුවෙන්  Brad Pitt විසින්. ඔහුත් පසුගිය Golden Globe සම්මාන උළෙලේදී මෙම සම්මානයම හිමිකරගැනීමට සමත් වුනා.

හොඳම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය (Best Animated Feature) ලෙස Toy Story 4 චිත්‍රපටයට සම්මාන හිමිවුණා. ඒ නිර්දේශිත නාම 05ක් අතුරිනුයි. හොඳම ත්‍රිමාණ සජීවිකරණ කෙටි චිත්‍රපටය Best Animated Short ලෙස  Hair Love සම්මානයට පාත්‍ර වුනා.

Knives Out, Marriage Story, 1917, Once Upon a Time in Hollywood, Parasite චිත්‍රපට පහ හොඳම ස්වතන්ත්‍ර තිර පිටපත සඳහා නිර්දේශිත නම් අතරට එක්වුණා. ඒ අතුරින් Parasite චිත්‍රපටය සඳහා එම සම්මානය හිමිවුනා.

Best Adapted Screenplay නැතිනම් හොඳම අනුවර්තනය චිත්‍රපට තිර පිටපත ලෙස  Jojo Rabbit චිත්‍රපටයට සම්මාන හිමිවුනා. Best Live Action Short Film ලෙසින් The Neighbors’ Window කෙටි චිත්‍රපටය සම්මාන දිනාගත්තා.

සම්මාන උළෙලේ අනිකුත් සම්මාන බෙදී ගියේ මෙලෙසින්.

Best Production DesignProduction Design: Barbara Ling, Set Decoration: Nancy Haigh (Once Upon a Time in Hollywood)

Best Costume Design – Jacqueline Durran  (Little Women) 

Documentary Feature Film  – Steven Bognar, Julia Reichert   (American Factory)

Documentary Short Film –  Learning to Skateboard in a Warzone (If You’re a Girl)

Sound Editing – Donald Sylvester (Ford v Ferrari)

Sound Mixing – Mark Taylor and Stuart Wilson (1917)

Best Cinematography –  Roger Deakins (1917)

Best Film Editing – Michael McCusker and Andrew  (Ford v Ferrari) 

Best Visual Effects – Guillaume Rocheron, Greg Butler (1917) 

Best Makeup and Hairstyling – Kazu Hiro, Anne Morgan and Vivian   (Bombshell)

Best Original Score – Hildur Guðnadóttir  (Joker)

Best Original Song – Music by Elton John, (I’m Gonna Love Me Again,” Rocketman)

featured

Share

995 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.