82 වියෙහි දී ඇල්බස් ඩම්බල්ඩෝර් මෙලොව හැර යයි
Harry Potter කතා මාලාවේ, හොග්වර්ට්ස් මායා පාසලේ ප්රධානාචාර්යවයාගේ චරිතයෙන් ලෝකය පුරා සිටින රසිකයින්ගේ සිත්වල අමරණීය සිනමා මතකයක් ඉතිරි කළ, ප්‍රවීණරංගන ශිල්පී Sr. Micheal Gambon පසුගිය සැප්තැම්බර් 28 වනදා සිය දිවි ගමනින් සමුගත්තා.
බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පියෙකු වන ඔහු මිය යන විට අසූ දෙවන (82) වියෙහි පසු වුනු අතර, සිය බිරිඳ ඈන් සහ පුත්‍රයා වන ෆර්ගස් සමඟ බ්‍රිතාන්‍යයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී යි ඔහුගේ මරණය සිදුව තිබෙන්නේ.
වසර 60කට ආසන්න කාලයක් සිනමාව – රූපවාහිනිය – වේදිකාව තුළින් බ්‍රිතාන්‍ය රසිකයින්ට සමීප වූ දක්ෂ රංගන ශිල්පියෙකු වන Micheal Gambon, ලෝකය පුරාම ජනප්‍රියත්වයට පත්වුනේ Harry Potter කතා මාලාවේ ‘ඇල්බස් ඩම්බල්ඩෝර්’ නැමැති හොග්වර්ට්ස් ප්රධානාරචාර්යවරයාගේ චරිතය නිරූපණය කරමිනුයි. එය Harry Potter සිනමාපට මාලාවේ ප්‍රධානම චරිතයක් වන අතර සමස්ත චිත්‍රපට අටෙන් හයකදීම ඔහු ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ භූමිකාව හරහා සිනමා රසිකයින්ට දැකගත හැකිවුනා.
Sr. Micheal Gambonගේ අභාවය පිළිබඳව ඔහුගේ පවුලෙන් නිකුත් කළ නිවේදනයත් සමඟ, Harry Potter නිල සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ ද, තම චිත්‍රපට මාලාවේ ප්‍රධානම චරිතයක් නිරූපණය කළ මෙම ප්රවීණතමයාගේ මරණය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ වුනා.
“We are incredibly saddened to hear of the passing of Sir Michael Gambon.
He brought immeasurable joy to Harry Potter fans from all over the world with his humour, kindness and grace.
We will forever hold his memory in our hearts.”
හැරී පොටර් ග්රන්ථ මාලාවේ රචිකාවිය වන J.K. Rowling – ඒ ඇසුරෙන් නිපදවූ චිත්‍රපටවල හැරී පොටර් චරිතය නිරූපණය කළ Daniel Radcliffe – එහි රොන් වීස්ලිගේ චරිතයට පණ පෙවූ Rupert Grint වැනි නලු නිළියන් රැසක් ද Sr. Micheal Gambonගේ අභාවය ගැන තම ශෝකය පළ කරනු දක්නට ලැබුනා.
Sr. Micheal Gambon විසින් සිය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතය කොතෙක් නම් සාර්ථකව නිරූපණය කළත්, ඔහු තමන්ව එම චරිතයට තෝරාගත් අවස්ථාවේදී නිෂ්පාදක මණ්ඩලයෙන් හැරී පොටර් ග්රන්ථ මාලාව කියවන්නට යැයි සිදු කළ ඉල්ලීමට නම් එකඟ වී නැහැ.
එහිදී Micheal Gambon ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ට චිත්‍රපටයේ තිර පිටපත පමණක් කියවීම ප්‍රමාණවත් බවයි. තමන් හැරී පොටර් පොත් පෙළ කියැවූ පසු එතුළින් තමන්ගේ හිතේ මැවෙන චරිතය රඟපානවාට වඩා තිර පිටපතේ තමන්ට වෙන් කර තිබෙන චරිතය රඟපෑම වඩාත් පහසු බවයි ඔහුගේ අදහස වුනේ.
වේදිකාව සහ සිනමාව වෙනුවෙන් සිදු කළ අමරණීය සේවය උදෙසා ඔහුට 1998දී බ්‍රිතාන්‍ය රැජිනගෙන් නයිට් නාමයක් ද ලැබුනා.
1940 වසරේදී අයර්ලන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබන Sr. Micheal Gambon සිය රංගන හීනය වෙනුවෙන් පසුකාලීනව ලන්ඩනයට සංක්‍රමණය වනවා. 1962 වසරේදී වියලම් ශේක්ස්පියර් විසින් රචිත Othello නාට්‍යය හරහා රංගනයට පිවිසෙන ඔහු Hamlet – Macbath – Saint Joan – Juno and the Paycook වැනි ලෝකප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගණනාවකට සම්බන්ධ වනවා. බ්‍රිතාන්‍ය වේදිකාව තුළ ලබාගන්නා ජනප්‍රියත්වයත් සමඟින් 1965 වසරේදී සිය ප්‍රථම සිනමාපටයට රංගන දායකත්වය ලබා දෙන අතර බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන් තුළිනුත් සිය ජනප්‍රියත්වය වැඩි කරගන්නට සමත් වනවා.
ඔහු බ්‍රිතාන්‍ය රසිකයින්ගේ අතිශය ජනාදරයට පත් වන්නේ 1986දී BBC නාලිකාව විසින් විකාශය කරන ලද “The Singing Detective” නැමැති රූපවාහිනී කතාමාලාව සමඟයි. එහි සිදුකළ පෙරළිකාර රංගනය වෙනුවෙන් හොඳම නලුවාට හිමි BAFTA සම්මානයෙන් පිදුම් ලැබීමට පවා Gambonට හැකියාව ලැබුනා.
හැරී පොටර් චිත්‍රපට මාලාවට අමතරව The Wings of the Dove (1997), The Insider (1999), Gosford Park (2001), ), Steve Zissou (2004), Amazing Grace (2006), Fantastic Mr. Fox (2009), The King’s Speech (2010), Quartet (2012) සහ Victoria & Abdul (2017) යනාදියත් ගැම්බන් විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ සිනමාපට කිහිපයක්.
Sr. Micheal Gambon ලෝකයේම ජනාදරයට පාත්‍ර වන්නේ හැරී පොටර් කතාමාලාවේ ඇල්බර් ඩම්බල්ඩෝර්ගේ චරිතය හරහා වුවත්, මුල් Harry Potter චිත්‍රපට ද්විත්වයේ එම චරිතය නිරූපණය කරන්නේ ඔහු නොවෙයි.
2001දී නිකුත් වූ පළමු හැරී පොටර් චිත්‍රපටය, Harry Potter and the Philosopher’s Stone සිනමාපටයේ සහ 2002දී නිකුත් වූ එහි දෙවන දිගහැරුම වන Harry Potter and the Chamber of Sectres හි ඇල්බස් ඩම්බල්ඩෝර් චරිතය නිරූපණය කළේ ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පියෙකු වූ Richard Harris විසිනුයි.
2002 වසරේදී සිදුවන ඔහුගේ හදිසි අභාවය නිසායි, එතැන් පටන් ඩම්බල්ඩෝර් චරිතයට පණ පොවන්නට Micheal Gambonට අවස්ථාව ලැබුනේ. කෙසේ වුවත්, ඔහු එහි කිසිදු වෙනසක් නොදැනෙන්නට චරිතය මනාව නිරූපණය කළා වගේම; තමන්ට ලැබුනු අවස්ථාව නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ලෝ පුරා අතිශය රසික ජනාදරයට පත් වුනා.
Written by Kavinu Weerakkody