අකලංක හින්දා ගැණු ළමයි දෙන්නෙක් ගුටි කෙළියක
අකලංක ගනේගම කියන්නේ ක්‍රීඩාවට අමතරව රංඟනයෙන් ද,නර්තනයෙන් ද ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගත් හැඩකාර තරුණයෙක්.ඉනෝකා සත්‍යාංගනී නම් දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරියගේ සින්ඩරෙල්ලා නම් චිත්‍රපටයෙන් ප්‍රධාන භූමිකාවක් හරහා චිත්‍රපට ලෝකයේ පෙරළියක් සිදු කිරීමට අපේක්ෂාවෙන් පසුවන අකලංක මින් පෙර සුපර් සික්ස් චිත්‍රපටය සඳහාද දායකත්වය සපයා තිබේ.විවිධ අංශයන්ගෙන් විස්කම්පාන අකලංකට තරුණියන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්.හැබැයි මේ සුන්දර යුවතියන්ගේ මනාපය අකලංකට ලැබුණේ අද ඊයේ පටන් නොවේ.
අකලංක කුඩා කාලයේ,ඒ කියන්නේ මොන්ටිසෝරි යන දවස් වල අකලංකගේ හිත දිනා ගන්න තවත් පුංචි ගැණු ළමයි දෙන්නෙක් රණ්ඩු වුණු පුවතක් අපිට වාර්තා වුණා.ඒ සන්ධියේ මේ ගැණු ළමයි දෙන්නා අකලංක වටේම කැරකී කැරකීයි ඉඳලා තියෙන්නේ.දැන් කොහොම උනත් ඒ දවස් වල මෙහෙම ගැණු ළමයි වටේ කැරකෙන අකලංකට මහා හිසරදයක් වෙලායි තිබිලා තියෙන්නේ.කොහොමින් කොහොම හරි වසර අවසානයේ පෙර පාසලේ විවිධ ප්‍රසංගය පැවැත්වෙන කාල සීමාවේ දී අකලංකව කපල් ඩාන්ස් එකකට තෝරා ගෙන තියෙනවා.ඉතින් අකලංකගේ පාට්නර්,ඒ කියන්නේ නැටුම් සහායිකාව තෝරන්න පෙර පාසලේ ගුරුතුමියට පුදුම ජල්ලියක් තමයි අල්ලන්න වෙලා තියෙන්නේ.මොකද අර කලින් කතා කරපු ගැණු ළමයි දෙන්නා අකලංකගේ පාට්නර් වෙන්න ගජරාමෙට අඩනවලු.අනිත් පැත්තේ අකලංක ඒ ගැණු ළමයි දෙන්නා එපා කියලා අඩනවලු.ඉතින් කොහිමින් කොහොම හරි අකලංකවත් ෂේප් කරන්,එක ගැණු ළමයෙකුටත් සෙල්ලම් බඩු දීලා නලවලා,ගැණු ළමයි දෙන්නගෙන් එක් කෙනෙක් එක්ක අකලංකව නැටුමට යවලා තියෙනවා.
ඉතින් හොඳම හරිය අහන්න කෝ…මේ නැටුම ඉවර උනාට පස්සේ අර නැටුමට ගත්ත ළමයා ඒ නැටුමට ගත්ත ඇඳුමේ තිබුණේ වේල් එක බොහෝම පරිස්සමට අල්මාරියේ තියලා තියෙනවා.ඇයි පුතේ ඕක පරිස්සමට අරන් තිබ්බේ කියලා ඒ ළමයගේ අම්මා අහපු වෙලාවේ ඒ ළමයා කියලා තියෙන්නේ මොකද්ද දන්නවද…
“මම ලොකු උනාම කසාඳ බඳින්නේ අකලංකව,එදාට ගන්ව තමයි ඔය වේල් එක තියලා තිබ්බේ“
Photographed by Meesha Gunawardana
Written by Cinema.lk A