ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ අද සිට

Avatar Cinema.lk A | July 18, 2013 363 Views 0 Likes 0 Ratings

363 Views 0 Ratings Rate it

අර්ජුන් කමලනාත් කියන්නේ නව පරපුරේ දක්ෂ රංඟන ශිල්පියෙක්.හැබැයි අර්ජුන රඟපාල විතරක් නිකං හිටියේ නෑ.ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයටද යොමු වුණා.දිනෙන් දින සිනමා ශාලාවෙන් ඈත් වෙන රසිකයා වෙනුවෙන් හොඳ වාණිජ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අරජුන පිඹුරු පත් සැකසුවා.දැන් ඔහුගේ ඒ හීනය සැබැවක් වී තිබෙනවා.අද ඔහුගේ මේ කුළුඳුල් නිර්මාණය කොළඹ රීගල් සිනමා ශාලාවේදී සියලු සිනමා රසිකයන් වෙනුවෙන් තිළිණ කරන්න අද අරජුන සුදානමින් ඉන්නවා.

මේ චිත්‍රපටයේ නම තමයි “ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ“.තාරුණ්‍යයේ කතා තේමාවක් රැගත් ඉගිලෙන්න ඇයි දඟලන්නේ අද සිට රීගල් ලිඩෝ ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගත වනු ඇත.

අර්ජුන කමලනාත් සහ අමීශා කාවින්දි ප්‍රධාන චරිත මවන මෙහි සෙසු චරිත සුදත් විජේසේකර, චාමි සේනානායක, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, මේරියන් එලිසබෙත්, නිමේෂා සෙව්වන්දි, සුංජිත් ඩයස්, චන්න චානක, ඩික්සන් ජෙරාඩ්, සම්පත් දිනූෂ නිරූපණය කරනු ලබති. කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය අර්ජුන කමලනාත් විසින් සිදුකර තිබේ. කැමරාව සජිත වීරප්පෙරුම (ෂැගී) මෙහෙයවා ඇත. කේෂාන් පෙරේරාගේ සංගීතයට ගැයුම් අයෝමි පෙරේරාගෙනි.

චන්ද්‍රදාස ප්‍රනාන්දු ගේ ගී පද රචනයකි.

ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ඉසුරු ෆිල්ම්ස් හි ඉදිරිපත් කිරීමකි

Share

363 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.