බබෙක් හදන්න ඕනකම තිබුණට වැඩත් එක්ක ඒ බලාපොරොත්තුව ලබන අවුරුද්දට කල්දැම්මා – වත්සලා

Avatar Cinema.lk A | April 15, 2013 155 Views 0 Likes 0 Ratings

155 Views 0 Ratings Rate it

හීන ගොඩක් සුනේ සුන්…

 dhnaධනංජය සිරිවර්ධන

මගේ කාර් එක මාරු කරන්න හිටියේ. ඒත් ඒක කර ගන්න බැරිවුණා. හා හා පුරා කියලා රඟපාන චිත්‍රපටයේ වැඩ අවසන් කරන්න හිටියේ. ඒත් වැස්ස ඒකට හරස් වුණා. චිත්‍රපටයක තිරපිටපතක් ලියන්න හිතුවා. ඒකත් ඉවර කරගන්න බැරි වුණා. කොහොම වුණත් මේ හැම බලාපොරොත්තුවක්ම ලබන අවුරුද්දේවත් ඉෂ්ට කරගන්න ඕන.

 

 

 

 

උඩ වැඩ අතරමඟ නැවතුනා…

 piumiපියුමි බොතේජු

අවුරුද්දට කලින් මගේ ගෙදර උඩතට්ටුවේ වැඩ අවසන් කරගන්න හිතන් හිටියා. ඒත් තාම ඉවරකරගන්න බැරිවුණානේ. ලබන අවුරුද්දේ ඒක සම්පූර්ණ කරගන්න ඕන.

 

 

 

 

අධ්‍යාපනය ඇණ හිටියා…

 bhagyaභාග්‍යා ගුරුසිංහ

ගිය අවුරුද්දේ ඉගෙනීම් කටයුතු සේරම සම්පූර්ණ කරන්න හිටියේ. ඒත් ෂූටින් නිසා ඒක ඉවරකරගන්න බැරිවුණා.

 

 

 

 

අධ්‍යක්‍ෂක හීනය බොඳ වුණා…

 giwanthaගිවන්ත අර්ථසාද්

ගිය අවුරුද්දේ කෙටි චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න හිතන් හිටියේ. ඒත් ඒක ඉටුකරගන්න බැරිවුණා. ලබන වසරෙදි වත් එය ඉටුකරගන්න ඉන්නේ.

 

 

 

 

අම්මා කෙනෙක් වෙන්න බැරි වුණා…

 watslaවත්සලා දියලගොඩ

මගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවුණා. හැබැයි බබෙක් හදන්න ඕනකම තිබුණට වැඩත් එක්ක ඒ බලාපොරොත්තුව කල්දැම්මා. ලබන අවුරුද්දේ ඒ බලාපොරොත්තුව විතරයි ඉටුකරගන්න තියෙන්නේ.

 

 

 

 

හිතපු දේ නොලැබුණා…

 shanuශනුද්‍රි ප්‍රියසාද්

පරණ අවුරුද්දේ අයිපෑඩ් එකක් ලැබෙයි කියලා හිතන් හිටියා. ඒක ලැබුණේ නෑ. ලබන අවුරුද්දේවත් අයි පෑඩ් එකක් ලැබෙයි කියලා හිතනවා.

 

 

 

 

මුලාශ්‍ර – මව්බිම

Share

155 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.