Black Adam රූපගත කිරීම් අවසන් වෙයි.

Avatar Nisanka Weheraduwa | July 24, 2021 34 Views 0 Likes 0 Ratings

34 Views 0 Ratings Rate it

Hollywood සිනමාවේ සිටින දැවැන්තම Hollywood Stars අතරේ ඉහළින්ම තියෙන නමක් තමයි, Dwayne Johnson එහෙමත් නැත්නම් The Rock කියන්නේ. Rockගේ චිත්‍රපට Critically කොයිතරම් පහළට ගියත් ප්‍රේක්ෂක අවධානය සහ බොක්ස්-ඔෆිස් ආදායමින් කිසිදාක අසාර්ථක වෙන්නේ නැහැ. ඒ තරමටම ඔහු මේ වනවිට හොලිවුඩය සහ ලෝක සිනමාවේ තමන්ගේ ස්ථාවරත්වය තහවුරු කරගෙන ඉවරයි. පසුගියදා Dwayne Johnsonගේ නවතම සිනමාපටය වන Black Adam හි රූපගත කිරීම් සියල්ලම අවසන් වෙලා තියෙනවා. මේ බව තහවුරු කරමින් ඔහු විසින් twitter පණිවුඩයක් නිකුත් කර තිබුනා. 2019 වසරේදී තිරගත වුණු Shazam චිත්‍රපටයට Spin-off එකක් විදිහටයි Black Adam නිර්මාණය වෙන්නේ. DC විශ්වයේ Anti-Hero කෙනෙකු වන Black Adamගේ මෙම සිනමාපටය DCEU හි 11වන චිත්‍රපටය විදිහටත් හඳුන්වන්නට පුලුවන්.

2021 වසර තුළම Black Adam තිරගත කරන්නට තමයි නිෂ්පාදකයන් මුලදී තීරණය කර තිබුණේ. නමුත් කෝවිඩ් වසංගත තත්වය නිසා රූපගත කිරීම් පවා මාස ගණනාවක් කල් දමන්නට සිදු වුණා. මේ සියල්ලම නිසා අවසානයේදී 2022 වසරේ ජූලි 22 වනදා චිත්‍රපටය Release කරන්න ඔවුන් කරලා තියෙන බව හොලිවුඩයෙන් වාර්තා වනවා.

“I knew many years ago, the opportunity for me to make BLACK ADAM would be a ONCE IN A CAREER EVENT. It has been my true honor to go shoulder to shoulder with over 1,000 brilliant and hungry crew of filmmakers and storytellers to bring the antihero known as, BLACK ADAM to life. This has been one for the ages and easily the hardest labor and toughest grind mentally and physically of my entire career.

Worth. Every. Second.

Love you all.

Thank you all.

And I’ll see you down the road.

Now go have some fun with that $10,000 🤣

The hierarchy of power in the DC UNIVERSE is changing.

Black Adam⚡️

#themaninblack “

රූපගත කිරීම් අවසන් බව ප්‍රකාශ කරමින් Dwayne Johnson තබපු සටහන තමයි මේ. ඔහුට අමතරව Noah Centineo, Aldis Hodge, Sarah Shahi, Quintessa Swindell සහ Pierce Brosnan වැනි රංගන ශිල්පීන් පිරිසක්ද BLACK ADAM හරහා අපිට දැකගන්න පුලුවන්. මෙම 24වනදා තිරගතවීමට නියමිත Dwayne Johnsonගේ තවත් චිත්‍රපටයක් වන Jungle Cruise අධ්‍යක්ෂණය කළෙත් මෙහි අධ්‍යක්ෂක Jaume Collet-Serra විසින්මයි.

Share

34 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.