සිනමාවේදී ඩී.බී. නිහාල්සිංහ දිවියෙන් සමුගනියි

Avatar Cinema.lk A | April 21, 2016 136 Views 0 Likes 0 Ratings

136 Views 0 Ratings Rate it

මෙරට සිනමා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවකු වන ආචාර්ය ඩී.බී නිහාල්සිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත.

1939 උපත ලැබූ ඒ මහතා මියයන විට 77 වැනි වියේ පසුවිය.

සිංහල සිනමා ක්ෂේත්‍රය තුළ  ඡායාරූප ශිල්පියෙකු, සංස්කාරකරවරයෙකු, නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු අතින් සිදුවූ මෙහෙවර සුවිසල්ය.

‘දවස’ පුවත්පතේ ආරම්භක කතෘවරයෙකු ලෙස සැලකෙන ඩී.බී. ධනපාල මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නිහාල්සිංහ මහතා ශ්‍රී ලංකා‍ චිත්‍රපට සංස්ථාවේ මුල්ම සාමාන්‍යාධිකාරීවරයා ලෙසද කටයුතු කර තිබිණ.

වැලි‍කතර නමින් පුළුල් තිරයේ මුල්ම සිනමා ස්කෝප් චිත්‍රපටය හා ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍ය ද ඔහුගේ අධ්‍යක්ෂණයෙන් සැකසිණ.

වියට්නාම් යුද්ධය වාර්තා කිරීමට ගිය ඔහු සිනමාව සම්බන්ධව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ද විය.

“Public Enterprise in Film Development Success and Failure” කෘතිය චිත්‍රපට කර්මාන්තය සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද්දකි.

ADA DERANA

Share

136 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.