“ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්“ චිත්‍රපටයට බැහැයි කිව්ව දීපිකා

Avatar Cinema.lk A | January 19, 2015 141 Views 1 Like 0 Ratings

141 Views 0 Ratings Rate it

දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩයේ ඉන්න ඉහළ මිලක් ඇති නිලියක්.ආරංචියේ හැටියට ඒ කාලේ ඓෂ්චර්යාට තිබුණා වගේ වටිනාකමක් දැන් තියෙන්නේ දීපිකාටලු.2013 වසරේ බ්ලෝක් බස්ටර් සිනමාපට හතරකම ප්‍රධාන භුමිකා නිරුපණය කළ දීපිකා 2014 වසර ආරම්භ කළේම තවත් එවැනි දැවැන්ත සිනමාපටයකිනි.යේ ජවානි හේ දිවානි,චෙන්නායි එක්ස්ප්‍රස්,හැපි නිව් ඉයර් වැනි සිනමාපට වල දීපිකා පහුගිය කාලේ රඟපෑවත් මේවා හින්දම දීපිකාට ගොඩාක් හොඳ නිර්මාණ රැසක් මඟ ඇරිලා තියෙනවා.

ඒ අතරින් එක චිත්‍රපටයක් තමයි, ‘ශුද්ධි’. ළඟදීම තිරගත වීමට නියමිත කරන් ජොහාර් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කරීනා කපූර් සහ සල්මන් ඛාන්. චිත්‍රපටය රූගත කරන්න කලින් මෙහි ප්‍රධාන නිළිය හැටියට අධ්‍යක්ෂවරයා තෝරා ගෙන සිටියේ දීපිකාවයි. ඒත්, ඇය මේ චිත්‍රපටය ප්‍රතික්ෂේප කළේ රූගත කිරීම්වලට සහභාගි වීමට යොදාගෙන තිබූ දිනවලදී ඇයට වෙනත් චිත්‍රපටයක රඟපාන්න තිබුණු නිසාලු.ඒ වගේම යෂ් චොප්රාගේ අවසන් සිනමාපටය වු “ජබ් තක් හේ ජාන්“ හීද ප්‍රධාන නිළිය වශයෙන් ගන්න ඉඳලා තියෙන්නේ දීපිකාවයි.ඇයට තිබුණු කාර්යබහුලත්වය මත ඇය මේ සිනමාපටයද ප්‍රතික්ෂේප කළේ කට්රිනා කායිෆ්ට ඒ තැන හිමි කර දෙමිනි.

ජනප්‍රියත්වයට පත්වූ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ නම්වූ හොලිවුඩ් චිත්‍රපටයේ රඟපෑම ද දීපිකාට අහිමි වුණා. ඒ අවස්ථාව ලැබුණානම් ඇයට හොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන වින් ඩීසල් සමඟ රඟපෑමේ වාසනාවත් උදාවන්නට තිබුණා. ඒත් දීපිකාට ඒ අවස්ථාව අහිමි වුණේ ‘රාම් ලීලා’ චිත්‍රපටයේ රූගත කිරීම්වල යෙදී සිටින්නට ඇයට සිදුවූ නිසයි.

අතිශය ජනප්‍රිය වූ ‘ධූම් – 3’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය කට්රිනා කායිෆ්. ඇය නිරූපණය කළ ‘ආලියා’ නම්වූ චරිතයට මුලින්ම තෝරා ගැනුණේ දීපිකාවයි. ඒත් ඒ වන විට වෙනත් චිත්‍රපටයක රඟපෑමට දින යොදාගෙන තිබෙන නිසා ඇය ‘ධූම් – 3’ චිත්‍රපටය ප්‍රතික්ෂේප කළා.

image-4d04d348b9d7d-deepika_620 deepikapendant Bollywood-Heroine-Deepika-Padukone-Hot-Photos-06 Shahrukh-deepika-rohit-shetty-on-the-sets-of-chennai-express

 

Share

141 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.