Fathima Shanazගේ HOPE පූනේ චිත්‍රපට උළෙලට
491 Views
0
Ratings
Rate it
Fathima Shanaz නිර්මාණය කළ HOPE කෙටි චිත්‍රපටය යළිත් වරක් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමට සමත්ව තිබෙනවා. ඒ ඉන්දියාවේ පූනේහි පැවැත්වෙන අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලයි. ඉන්දියාවේ පූනේ නුවර භාරති විද්‍යාපිත්හි මේ චිත්‍රපට උළෙල පැවැත්වෙනවා. දෙසැම්බර් 15 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන මේ සිනමා උළෙලට රටවල් 132ක සිනමාකරුවන් සහභාගී වීමට නියමිතයි.
දෙසැම්බර් 21 වැනි සෙනසුරාදා දින මේ චිත්‍රපට උළෙලේදී HOPE තිරගත කෙරෙනු ඇති. බෙංගාල ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල, බංග්ලාදේශ ගෝලීය යෞවන කෙටි චිත්‍රපට උළෙල, GOA කෙටි චිත්‍රපට උළෙල ඇතුළු සිනමා උළෙල කිහිපයක්ම නියෝජනය කිරීමට Fathima Shanazට හැකියාව ලැබී තිබෙනවා.
491 Views
0
Ratings
Rate it
Written by Nisanka Weheraduwa
