තරංගනීයේ සිනමා උළෙලක්

Avatar Cinema.lk A | April 2, 2015 79 Views 0 Likes 0 Ratings

79 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් හංසවිලක් නමින් සංවිධානය කරනු ලබන සිනමා උළෙලක් මෙම 4 වැනිදා සිට 6 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි.

අතීත සිනමාවේ සොඳුරු මතකයන් නැවත පුබුදුවාලමින් සිනමාවේ සුන්දරත්වය විඳ ගැනීමට සහ සිනමාවේ හෙට දවස බාර ගැනීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට පෙර දවස සිනමාව අධ්‍යයනය කිරීමට ද අවස්ථාව උදා කරදීම මෙම සිනමා උළෙලෙහි අරමුණයි.

මෙයට සමගාමීව 05 වැනිදා සිය 96 වැනි ජන්ම දිනය සමරන මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් 04 වැනිදා සවස 6 ට පැවැත් වේ. හංසවිලක් සිනමා උළෙල නිමාවීමෙන් අනතුරුව පසුදා එනම් 06 වැනිදා සිනමා කතිකාවතක් ද පැවැත්වීමට නියමිතය. එය යථාර්ථය ෆැන්ටසියක් ද යන මාතෘකාව ඔස්සේ පැවැත්වෙන්නකි.

හංසවිලක් සිනමා උළෙලේ චිත්‍රපට පෙළගැස්ම සවිස්තරාත්මකව මෙසේය.

අප්‍රේල් 04 වැනිදා

උදෑසන 10.30 ට නිධානය

සවස 2.30 ට තුන්වැනි යාමය

සවස 6.30 ට දෙලොවක් අතර

අප්‍රේල් 05 වැනිදා

උදෑසන 10.30 ට මේ මගේ සඳයි

සවස 2.30 ට ආකාස කුසුම්

සවස 6.30 ට නායකන්

අප්‍රේල් 06 වැනිදා

සවස 4 ට යථාර්ථය ෆැන්ටසියක්ද යන මැයෙන් සිනමා කතිකාවත.

 

Share

79 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.