ඔන්න දැන් ඩිජිටලුත් පුළුවන්

Avatar Cinema.lk A | February 21, 2014 46 Views 0 Likes 0 Ratings

46 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකේය සිංහල සිනමාවට නවීණ තාක්ෂණය ඈදා ගැනීමේ පළමු පියවර වශයෙන් මෙරට සිනමාව තුළ ඩිජිටල් තාක්ෂණික ප්‍රක්ෂේපණ ක්‍රම භාවිතා කිරීමට බලධාරින් තිරණය කර ඇත.අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ලාංකේය සිනමාවට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමේ ක්‍රමවේදය රීතියක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙතෙක් මෙරට පැවති කාබන් ආක් මාදිලියේ ප්‍රක්ෂේපණ ක්‍රම වෙනුවට නවීණ ඩිජිටල් තාක්ෂණික ප්‍රක්‍ෂේපණ ක්‍රම භාවිතා කිරිමට මෙරට නිර්මාකරුවන්ට මෙමඟින් ඉඩ ප්‍රස්තාව ලැබෙනු ඇත.ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය අධීක්ෂණ මන්ත්‍රිනී නිළි රැජන මාලිනී ෆොන්සේකා, අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ ඇතුළු ක්ෂේත්‍රයේ සක්‍රිවය සිටින කලාකරුවන්,නිෂ්පාදකවරුන්,අධ්‍යක්ෂකවරුන්,කාර්මික ශිල්පීන් රැසක් මේ උත්සව අවස්ථාවට සහභාගි විය.

 

Share

46 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.