Galaxy NX – ලොව පළමු LTE තාක්ෂණය සහිත Interchangeable Lens කැමරාව

Avatar Cinema.lk A | June 21, 2013 66 Views 0 Likes 0 Ratings

66 Views 0 Ratings Rate it

සැම්සුන්ග් කියන්නේ තාක්ෂණික ලෝකයේ දැවැනත්යෙක්.අද වෙනකම් සැම්සුන්ග් කියන නාමය ලොව ප්‍රසිද්ධ වෙලා තිබුණේ දුරකථන සම්බන්ධයෙන් පමණයි.එනමුත් අද පටන් එය වෙනස් වෙනවා.උසස් තාක්ෂණයෙන් හා දැකුම්කලු නිමාවකින්,නවතම මාදිලියේ Galaxy NX නම් අපුරු කැමරාව තැණිමෙන් ඔවුන් රූප මාධ්‍යය ලෝකයේ නොමැකෙන නාමයක්  තබන්න සුදානම් වෙනවා.

Galaxy NX කැමරාව ලෙන්සස් එහෙම නැත්නම් කාච,මාරු කීරිමට හැකි වන අයුරින් තැණු ලොව පලමු LTE තාක්ෂණය සහිත කැමරාවයි.මේ කැමරාවේ මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් 4.2.2.ඒ වගේම මෙහි ඇත්තේ 1.6GHz quad-core වර්ගයේ ප්‍රෝසසරයක්.සැම්සුන්ග් S4 දුරකථනයේ වන තීරයට සමාන අඟල්4.8ක් තරම් වු විශාල තීරයකින් සමන්විත වන මෙය දෙමුහුම් තාක්ෂණික උපාගයන්ගෙන් යුක්තයි.Full HDකැමාරා ගණයට වැටෙන Galaxy NX කැමරාව 24 fps හෝ 50 fps ලෙස භාවිතයට ගැනීමට පුළුවන්.තත්පරයෙන් 1/6000ක් තරම් උපරිම Shutter Speed ක් සතු වන මෙම කැමරාව සතුව ඉහළ ISO අගයක්ද පවතිනවා.

වඩා පළපුරුද්දක් නොමැති කෙනෙකුට වුවද ප්‍රවීණයෙකු සතු හැකියාවන් ඉස්මතු වෙන අයුරින් ඡයාරූපකරණයේ යෙදීමට හැකිවන අයුරින් නිමවා ඇති මේ ස්මාර්ට් වර්ගයේ කැමරාව කැනන් හා නිකොන් නම් කැමරා ලෝකයේ දැවැන්තයින් දෙදෙනාට නිසැක වශයෙන්ම හොඳ අභියෝගයක් ලබා දෙනු ඇති බවටයි හුඟ දෙනෙක්ගේ විශ්වාසය.

samsam 2

 

GALAXY_NX__6_-hero_verge_super_wide GALAXY_NX__1_-hero_verge_super_wide GALAXY_NX__8_-hero_verge_super_wide GALAXY_NX__7_-hero_verge_super_wide GALAXY_NX__4_-hero_verge_super_wide GALAXY_NX__3_-hero_verge_super_wide GALAXY_NX__2_-hero_verge_super_wide

Share

66 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.