“සැමිගේ කතාව“ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය

Avatar Cinema.lk A | June 21, 2013 230 Views 0 Likes 0 Ratings

230 Views 0 Ratings Rate it

 

ඊයේ (20) රාත්‍රිෙය් පැවති නිව්යෝර්ක් සිටි අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියානු කලාපයෙන් ඔබ්බට ගිය හොලිවුඞ් තරගකාරී අංශයෙන් ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මාන ලබා ඇත. ඔහු සමග තවත් නළුවන් සිව්දෙනෙකු ඩොමිනික් ප’සෙල් (කැනඩා)එඞ්වර්ඞ් ෆලෝන්ග් (අමෙරිකා)සෙබස්තියන් ජේසන් (ඩෙන්මාර්ක් ) ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන රටවල් හතර නියෝජනය කරමින් මේ සඳහා තරගකරනු ලැබීය.

මෙම සිනමා සම්මාන උළෙල මේ වසරේ ජූනි මස 13දින සිට 20දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පැවැත්වුණු අතර 20 දා (ඊයේ) සම්මාන ප‍්‍රධානය පැවැත්වීය.

1986 තිස්ස ජයවර්ධනයන්ගේ “සමනළ කන්ද” වේදිකා නාට්‍යයෙන් පාසල් අවදියේම රංගනයට පැමිණි කුඩා කොල්ලෙකු 1989දි සිය ප‍්‍රථම සිනමා රංගනයට එක්වූයේ විජය ධර්ම ශ‍්‍රී ගේ “ගුරුදෙර” සිනමා නිර්මාණයෙහි අනෝජා වීරසිංහගේ පුතකු ලෙසය.

මේ කොලූ ගැටයා වේදිකාවේ, සිනමාවේ මෙන්ම රුපවාහිනි නාට්‍ය තුළද තම රංග කුශලතාව ඔප් නංවා ගත්තේ සිය සහජ කුශලතාව රංගනයම බව පසක් කරමිණි.

ජෝ අබේවික‍්‍රමයන් ‘පුරහඳ කළුවර’ සඳහා ආසියාවේ හොඳම නළුවා ගේ සම්මානය ලබාගැනීමෙන් අනතුරුව මෙරට රංගන ශිල්පියෙකු ජාත්‍යන්තර යේ හොඳම නළුවන් අතරට පැමිණීමට ජගත් චමිල සමත් විය.
කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද “සැමීගේ කතාව”(Sam’s Story)  නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ සැමීගේ කතාව නම් සිනමා පටයේ සැමීගේ චරිතය සඳහා යි මෙලෙස ජගත් සම්මානය දිනා ඇත්තේ.

Jagath-with-Priyankara-in-New-York-600-1
Jagath-Chamila-world-Best-Actor-7

 

7950_505331496204907_522368629_n [1024x768]992872_505333959537994_1739753792_n [1024x768]270426_505333619538028_622418165_n [1024x768]390108_505329142871809_1343170473_n [1024x768]922707_505328599538530_1082435618_n [1024x768]1013054_505330636204993_2011952433_n [1024x768]996845_505328856205171_174583664_n [1024x768]1000557_505333059538084_109269873_n [1024x768]1001835_505329736205083_774234121_n [1024x768]1001840_505329839538406_374883601_n [1024x768]1002090_505329622871761_742091856_n [1024x768]1003975_505328972871826_2017720425_n [1024x768]1010513_505328479538542_1098199390_n [1024x768]996835_505333219538068_740525686_n [1024x768]995813_505329459538444_17274854_n [1024x768]993063_505334846204572_136800237_n [1024x768]931156_505330412871682_1073018210_n [1024x768]988368_505332742871449_1056204333_n [1024x768]

Share

230 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.