අර්ජුනගේ සිනමා පටය ජුලි මැදදී

Avatar Cinema.lk A | June 27, 2013 163 Views 0 Likes 0 Ratings

163 Views 0 Ratings Rate it

දක්ෂ රංගන ශිල්පියෙක් වන අරජුන් කමලනාත්ගේ කුළුදුල් අධ්‍යක්ෂණයෙන් හැඩවෙන ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ සිනමා සිතුවම එළඹෙන ජූලි මාසයේ දෙවැනි සතියේ සිට රීගල්, ලිඩෝ ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගතවීමට නියමිතය.

තරුණියන් පස් දෙනෙකු වටා ගෙනී ඇති කතා පුවතක් වන මෙය ඉසුරු ෆිල්ම්ස් හි නිෂ්පාදනයකි.

අර්ජුන කමලනාත් සමඟ අමීශා කාවින්දි ප්‍රධාන චරිත මවන ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය සහ නිර්මාණ අධ්‍යක්ෂණය ද අර්ජුනගෙනි. සුදත් විජේසේකර, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, මේරියන් එළිසබෙත්, නිමේශා සෙව්වන්දි, චාමි සේනානායක, සුරංජිත් ඩයස්, චන්න චානක, ඩික්සන් ජෙරාඩ්, සම්පත් දිනූෂ ඇතුළු පිරිසගේ රංගනයෙන් ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ හැඩගැන්වේ.

කේශාන් පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයකි. චන්ද්‍රදාස ප්‍රනාන්දු ගී පද රචනයෙන් එක් වී ඇත. අයෝමි පෙරේරාගේ ගැයුමින් ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ රස ගැන්වෙයි.සජිත වීරප්පෙරුම (ෂැගී) මෙහි කැමරා අධ්‍යක්ෂවරයාය.

Share

163 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.