IRFAN KHANගේ රෝගී තත්වය හඳුනාගනියි
ඉන්දීය නළු Irfan Khan පසුගියදා හදිසියේ රෝගාතුර වූ පුවත සමස්ථ ඉන්දීය සිනමාලෝලීන් කණස්සල්ලට පත් කරවන්නක් වුනා. ඔහු හදිසියේ රෝගී වී රෝහල්ගත කොට තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. රෝගී තත්වය කුමක්දැයි නිශ්චිතව නිගමනය කොට නොමැති බවත් නමුත් “rare disease” එකක් බවත් සඳහන් වුනා. ඔහු සිය twitter ගිණුමේ මේ බව සටහන් කොට තිබුනා. කෙසේ නමුත් ඊයේ රාත්‍රිය වන විට අදාළ පරීක්ෂණ වාර්තා සියල්ල ලැබී අති බවත් ඔහුගේ රෝගී තත්වය කුමක්දැයි නිශ්චිතව හඳුනාගෙන අති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුනා. ඒ නැවත ඔහුගේ twitter පණිවිඩය උපුටා දක්වමින්.
ඒ අනුව ඔහුට වැළඳී ඇත්තේ “Neuroendocrine Tumor” බව නිවේදනය කොට තිබෙනවා. මේ අසීරු අවස්ථාවේ තමාවෙත සැමගෙන් ලැබෙන ආදරය ආශිර්වාදය ඉතා අගයකොට සලකන බවත් ඔහු එම පණිවිඩයෙන් සටහන් කොට තිබෙනවා. වදිසුර ප්‍රතිකාර සඳහා Irfan විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
Written by Nisanka Weheraduwa
