“කාලි” අප්‍රේල් මාසයේ තිරගතවෙයි
දකුණු ඉන්දීය සිනමාවට නිරන්තරයෙන් අලුත් සිනමා නිර්මාණ බිහි වනවා. ඉන් සමහරක් ප්‍රේක්ෂක අවධානය දැඩි ලෙස දිනා ගන්නවා. මේ තොරතුරු කියවෙන්නෙත් එවන් සිනමා නිර්මාණයක් පිළිබඳවයි. “කාලි” ලෙස නම්කොට අති මේ සිනමා නිර්මාණය Kiruthiga Udhayanidhi විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. සංගීත අධ්‍යක්ෂවරයකු සංගීත නිර්මාණ ශිල්පියකු ලෙස නමක් දිනා සිටි Vijay Anthony මෙහි ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වනවා. මෙහි පුර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කළා. මෙය Psychological thriller කාණ්ඩයට අයත් වන සිනමාපටයක් බව එමගින් පෙනෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා.
Vijay Anthony වරෙක ඉන්දියානු ගැමි චරිතයකිනුත් වෛද්‍යවරයෙක් ලෙසත් එම ප්‍රචාරක පටයේ හමු වනවා. ඔහු ද්විත්ව චරිතයන්ට පණ පොවන්නේදැයි තවම නිශ්චිත නොවන බවයි පැවසෙන්නේ. Kiruthiga විසින් නිර්මාණය කළ දෙවැනි චිත්‍රපටය මෙය වනවා. 2013 වසරේ Vanakkam Chennai නමින් ඔහු සිය පළමු චිත්‍රපටය නිර්මාණය කළා. Anjali, Sunainaa, Shilpa, Amirtha මෙහි අනිකුත් උප ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයට සංගීත නිර්මාණය කිරීමේ කටයුතු Vijay Anthony විසින්ම සිදුකොට තිබෙනවා.
Written by Nisanka Weheraduwa
