කළගුණ දත් එක් මිනිසෙක්
අද අප අතර සිටින බොහෝ දෙනා තමන් ඉහළ යන විට,තමන්ට අතදුන් තමන්ට උපකාර කර අයව අමතක කරල දාන්න පුරුදු වෙලා ඉන්නවා.මෙලෙස බොහෝ දෙනා තමන්ගේ අනාගතයට පාර කපපු ඒ උත්තම චරිත අමතක කර දැමුවත් පසුගිය දවසක මා දැකපු සිදුවීමක් නිසාවෙන් කළගුණ දත් එක් මිනිසෙකු හෝ අප අතර සිටිනවා යැයි කියන උදාර හැඟීම මගේ හිතට දැනෙන්න පටන් ගත්තා.මේ කතා කරන්න යන්නේ පසුගිය දවසක ලෝකයේ හොඳම නළුවා ලෙසින් අභිසෙස් ලැබු ජගත් චමිල ගැනයි.
රංඟන ශිල්පියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානයෙන් පිදුම් ලැබු මේ තරුණයා තමන්ට හිමි සම්මානයත් සමඟ මව් බිමට පැමිණි දවසේ වුන් එක් සිදුවීමක් එතැන සිටි සියල්ලන්ගේම නෙතට කඳුලක් එක් කළා.ජගත් ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ඔහුගේ පවුලේ උදවිය,පාසලේ මිතුරන්,ක්ෂේත්‍රයේ මිතුරන් හැරුණු කොට තවත් සුවිශේෂී මිතුරෙකු එතැනට පැමිණ ඇති වග දැකගන්නට ලැබුණා.වියපත් තත්වයේ පසුවු මේ අපුරු අමුත්තා පැමිණ සිටියේ රෝද පුටුවකින්.මොහුගේ පැමිණිම දුටු ජගත් හදිසියේම හඩා දුව අවුත් ඔහුට තුරුළු වුයේ පාසල් වියේ පසුවු තරඟකාර කොලුවෙකු පරිද්දෙනි.මේ අපුරු අමුත්තා තමයි රංඟනය නැමැති මහා සාගරය තරණය කරන්නට ජගත්ට මුලින්ම උගැන්වු ජගත්ගේ නාට්‍ය ගුරුතුමා.තිස්ස ගුණවර්ධන නම් වු මේ නාට්‍ය ගුරුතුමා ගැන මාධ්‍ය කළ වීමසීමකදී ජගත්ගේ මුවින් පිට වුයේ මෙවන් වදන් පෙලකි
“ඒ මොහොත මට මගේ ජීවිත කාලයටම අමතක කරන්න බැරි වෙයි. මගේ මවුපියන් වගේම මට නාට්‍ය විෂය උගන්නපු තිස්ස ගුණවර්ධන කියන ගුරුතුමාත් හරිම අහිංසක කෙනෙක්. එතුමාව දැකපු මට ඒ වෙලාවේ දරාගන්න බැරිව ගියා. මට පුදුම සංවේදී බවක් දැනුණා. හයියෙන් කෑගහල අඬන තරමට සතුටයි දුකයි දරාගන්න බැරුව ගියා. මම මගේ අහිංසක ගුරුවරයාට ලබාදෙන්න පුළුවන් උපරිම උපහාරය දැක්වූවා.“
මේ අවස්ථාවෙන් පසු ජගත්,පාසලේ දී තමන්ට ශිල්ප කියා දුන් ගුරුවර ගුරුවරියන් ද බැහැ දකින්න අමතක කළේ නෑ.මුදල් පසුපසම විතරක් හඹා යන ලෝකයක ජගත් නම් මේ තරුණයා තමන්ගේ ගුරුවරුන් වෙනුවෙන් කළ කී දේ උපහාරයකටත් වඩා උපදේෂයක් වුණූ බවටයි මගේ හැඟීම.
Written by Cinema.lk A