සෝනක්ෂිගේ මුහුණට කෙළ ගහලා

Avatar Cinema.lk A | July 1, 2013 73 Views 0 Likes 0 Ratings

73 Views 0 Ratings Rate it

සෝනක්ෂි සින්හා කියන්නේ බොලිවුඩයේ අතීශය ජනප්‍රිය වාණිජ චිත්‍රපට කිහිපයකම කතා නායිකාවයි.ඇය මේ වන විටද සිටින්නේ එවැන්ම දැවැන්ත චිත්‍රපටයක රූ ගත කිරීම් සිදුකරන පසුතලයකයි.මේ රූ ගත කීරිම් සිදුකරන භුමියේදී පසුගිය දවසක සෝනක්ෂී ටිකක් කලහකාරී ලෙස හැසිරී තියෙනවා.මේ සිද්ධියට හේතු වී ඇත්තේ සහය නළුවෙකු හා සෝනක්ෂී අතර වු බහින්බස් වීමක්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට සෝනක්ෂී රූගත කිරීම අතරතුරදී සහය රංගන ශිල්පියෙකු වු රන්වීර් සින්ග් නැමැත්තා සිය මුහුණට කෙළ ගැසුවේ යැයි චෝදනා කරමින් රූගත කිරීම සිදුකෙරුණු පසුතලයෙන් පිටවගොස් තියෙනවා.කෙසේ නමුත් රන්වීර් සින්ග් නම් පවන්නේ තමන් සොනක්ෂිගේ මුහුණට කෙළ ගැසුවේ සිතාමතාම නොවන බවයි.

අදාළ දර්ශනයෙදී ඇයව තදින් අල්ලාගෙන කෝපයෙන් දෙබසක් කීමට තිබූ බවද ඊට තදින් අවේශ වී සිටි නිසා දෙබස් කියන අවස්ථාවේ මුවින් කෙළ බිදිති කිහිපයක් පිට වූ බවද ඔහු කියා සිටියා. අදාළ දර්ශනය වාර කිහිපයකදීම රූගත කෙරුණු අතර එම සෑම වාරයකදීම එලෙස කෙල බිදිති පිටවූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ඒ බව වටහා දී සොනක්ෂි සින්හා නැවත රූගත කිරීම්වලට කැඳවා ගැනීමට රන්වීර්ටත් චිත‍්‍රපටයේ සෙසු කාර්යය මණ්ඩලයටත් දැඩි වෙහෙසක් ගැනීමට සිදුව තිබෙනවා.

Share

73 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.