මනීෂා කොයිරාලට පිළිකාවක්

Avatar Cinema.lk | December 4, 2012 172 Views 0 Likes 0 Ratings

172 Views 0 Ratings Rate it

සුපිරි බොලිවුඩි නිළි මනීෂා කොයිරාල පිළිකා රෝගයකින් පෙළෙන බවයි වාර්තා වන්නේ. මේ වෙනකොට ඇය ප්‍රතිකාර සඳහා ඇමරිකානු රෝහලකට පිටත්ව ගිහින් කියලයි මාධ්‍ය පවසන්නේ. හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් නිසා ඇයව පසුගිය 25 වන දින රෝහල් ගත කරලා. ඒත් රෝගී තත්වය තවත් උත්සන්න වුන නිසාවෙන් ඇය ඊට දින කිහිපයකට පසුව මුම්බායි රෝහලට ඇතුලත් කරලා. එහිදී තමයි දැනගන්නට ලැබුනේ ඇය පිලිකා රෝගයකින් පෙළෙන බව.

1947 ලව් ස්ටෝරි හා දිල් සේ චිත්‍රපට තුලින් අති මහත් ජනප්‍රියත්වයක් හිමි කරගත් ඇය නේපාල ජාතික ව්‍යාපාරිකයෙක් වන Samrat Dahal හා විවාහ වුවත් ඒ විවාහය කෙටි කලෙකින් දෙදරා ගියා. මේ වන විට 42 වන වියේ පසුවන මනීෂා කොයිරාල මත්ද්‍රව්‍යවලට වගේම දුම්වැටි භාවිතයටත් ඇබ්බැහි වෙලා හිටියේ. 1991 දී බොලිවුඩ් සිනමාවට ආපු මනීෂා කොයිරාල ඉතා මෑතකදී රඟපෑ වු “බූත් ටූ” චිත්‍රපටය පහුගිය මාසේ තිරගත වුණා.

ප්‍රතිකාර සඳහා ඇමරිකාව බලා පිටත් වීමට පෙර

Share

172 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.