ශ්‍රී ලංකාවේ හැදු Monkey Kingdom චිත්‍රපටය

Avatar Cinema.lk A | January 13, 2015 233 Views 0 Likes 0 Ratings

233 Views 0 Ratings Rate it

ලංකාව පසුබිම් කරන්න හුඟ කාලයක පටන් විදේශීය සිනමානිර්මාණ බිහිවෙලා තියෙනවා.බ්‍රිජ් ඔෆ් රිවර් ක්වායි,ටෙම්පල් ඔෆ් ඩූම්,ටාසන් ඒප් මෑන් වැනි දැවැන්ත පැරණී හොලිවුඩ් චිත්‍රපටයේ පටන් මැතකදී තිරගත වෙන්න තියෙන බොම්බේ වෙල්වට් බොලිවුඩ් නිර්මාණය දක්වා මෙරට පසුබිම්,පසුතල,විදේශීය නිර්මාණකරුවන් විසින්,විශාල වශයෙන් භාවිතා කරනු ලැබුවා.

මෙවර ඔවුන් මෙරට පසුබිම්,දර්ශන තල හා මෙරට ස්වභා සෞන්දර්ය භාවිතා කරලා අලුත් නිර්මාණයක් කරලා තියෙනවා.මේක සිනමාපටයක්….මේ සිනමාපටයේ නම “මන්කි කින්ඩම්“.කාටුන් නිර්මාණ ක්ෂ්‍රේත්‍රයේ මහගෙදර වු ඩිස්නි සමාගමේ නිර්මාණයක් වු මෙම චිත්‍රපටය කතාකරන්නේ වනගත රාජධානියක හැදෙන රිලවුන් රංචුවක් ගැනයි.

මායා කියන්නේ මේ වඳුරු රැලේ ඉන්න එක් වැඳිරියක්.ඇයගේ ජිවිතයට අලුත් සමාජිකයෙක් එක් වෙනවා.ඒ කියන්නේ ඇගේ දරුවා.ඇයට ඇගේ දරුවා ලැබීමත් සමඟ වෙනදා ගත කරපු ජිවිතය සැහෙන්න දුරකට වෙනස් කරගන්න සිදුවෙනවා.ඇය වෙනදාට වඩා පරිසරය ගැන සැලකිලිමත් වෙනවා.පරිසරයෙන් එන විවිධ උවදුරු ගැන සැලකිලිමත් වෙනවා…මේ කතාව පටන් ගන්නේ ඔන්න ඔතනින්.මාක් ලින්ග්ෆීලඩ් අධ්‍යක්ෂණය කරපු මෙම සිනමාපටය සංගීතවත් කරන්නේ සම්මානනීය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වු හෑරී ග්‍රෙග්සන් විලියම්ස් විසිනි.ඇමරිකා එක්සත් ජනපදයේ මේ වසරේ අප්‍රේල් මස 17 වෙනිදාත් ශ්‍රී ලංකාව හා කොලොම්බියාවෙත් එම මස 23වනදාත් මේ චිත්‍රපටය මුල් වරට තිරගත කරනවා

 

 

disneynature-monkey-kingdom-trailer-april-2014 5e6f6b632f1f1495dac8ca0ce444929a2f657680 6c8f85cf4fc27c8e9feb500de75888be3a8e0889 608d634b36c72d0623032e23368637cb73e692ec a293de541757581b948bb3d885d4d133975bd5d5 d335a5b61a116afadaa8ffc155b2b62f3ec3f0db (1)

Share

233 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.