Chappie (2015)
රොබෝවරුන් ගැන කතා අහන්න,බලන්න හුඟාක් දෙනා වැඩි කැමැත්තක් දක්වනවා.රොබෝ වරුන් ගැන පසුබිම් කරන් ගොඩාක් චිත්‍රපට හැදුනට මොකද මේ හැම එකකටම ජනතා ආකර්ෂණය හිමිවුනේ නැ.මුල් කාලයේ හැඳුණු රොබෝකොප් සිනමාපටයත් මෑතකදී හැදුණු අයි රොබෝ,අයන් මෑන් වැනි සිනමාපට අතීශය ආකර්ෂණයක් දිනාගත් රොබෝ චිත්‍රපට අතර තවමත් පෙරමුණේ ඉන්නවා.අද අපි කතා කරන්න යන්නේ මේ වගේ රොබෝ කතාවක්.
2015 වසරේ මාර්තු මාසයේ 6 වෙනිදා තිරගත වීම ආරම්භ කරන “චැපී“සිනමාපටයත් මා කලින් කියු පෙර සිනමාපට මෙන් බලාපොරොත්තු තැබිය හැකි සිනමාපටයක්.හියු ජැක්මන්,ඉන්දියානු නළු දේව් පටෙල් රඟන මෙම සිනමාපටය කේන්ද්‍ර වන්නේ කෘත්‍රීම බුද්ධියක් හිමි චැපී නම් රොබෝ වටායි.අනාගත ලෝකයේ සිදුවීමක් ලෙස දිඟහැරෙන මෙම සිනමාපටය එකම කතා තේමාවකින් සමන්විත වුනත් වෙනස් ආකාරක් ගනු ඇතැයි විචාරකයින් පවසනවා.
චැපී පුර්වප්‍රචාරක පටය

Directed by: Neill Blomkamp
Written by: Neill Blomkamp & Terri Tatchell
Produced by: Neill Blomkamp & Simon Kinberg
Executive Producer: Ben Waisbren
Cast:
Sharlto Copley
Dev Patel
Ninja and Yo-Landi Vi$$er
Jose Pablo Cantillo
with Sigourney Weaver
and Hugh Jackman
Written by Cinema.lk A
