නැතිවූ “නිධානය” ඉන්දියාවෙන් හමුවෙයි

Avatar Cinema.lk | January 9, 2013 100 Views 0 Likes 0 Ratings

100 Views 0 Ratings Rate it

දශක ගණනාවක් තිස්සේ අතුරුදහන්ව පැවැති විශිෂ්ට සිංහල සිනමා කෘතියක සේයා පිටපතක් ඉන්දියාවෙන් සොයා ගැනීමට හැකිවී තිබේ.

දෙස් විදෙස් සම්භාවිත නිධානය චිත්‍රපටයේ පිටපතක් හමුවූයේ ඉන්දීය ජාතික චිත්‍රපට සංරක්ෂණායතනයේ (Indian National Film Archives) තිබී.

1972 දී තිරගත වූ නිධානය එම වසරේ වැනිසියේ චිත්‍රපට උළෙලේදී වසරේ දෙවැනි විශිෂ්ඨතම සිනමා කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේය.

එම උළෙලේදී එම වසරේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබුවේ චාර්ලි චැප්ලින්ගේ නිර්මාණයක්.

මුදල් ගෙවා ඉන් පිටපතක් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ඉදිරිපත් නොවන්නේ නම් වඩා හොඳ සංරක්ෂණ පහසුකම් ඇති විදේශීය ආයතනයකට නිධානය ලබා ගැනීමේ අවස්තාව ලබා දීමට සිදුවන බවයි මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිසුන් සංදේශයේ ප්‍රියත් ලියනගේට කියා සිටියේ.

© BBC

Share

100 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.