නිලේන්ද්‍රගේ අලුත්ම තේරීම – ස්වර්ණා මල්ලවආරච්චි

Avatar Cinema.lk | July 8, 2014 111 Views 0 Likes 0 Ratings

111 Views 0 Ratings Rate it

රිචඩ් ද සොයිසා නම් මාධ්‍යවේදියාගේ ජීවිත ගමනේ විවිධ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන, නිලේන්ද්‍ර දේශප්‍රියයන්ගේ නවතම චිත්‍රපටය They Dance Alone චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දා උත්කර්ශවත් අයුරින් පැවැත්වුනා. අසාධාරණයට විරුද්ධව යුක්තිය උදෙසා සටන් කරන රිචඩ් සිල්වාගේ මව වන මනෝරානී සරවනමුත්තු නම් කාන්තාව වටා මේ සිනමා සිත්තම ගෙතේ.

මේ චිත්‍රපටයේ මනෝරානීගේ චරිතයට නිලේන්ද්‍ර තෝරාගෙන ඇත්තේ අග්‍රගන්‍ය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි ය.

නිලේන්ද්‍ර දේශප්‍රියයන් විසින් නිර්මාණය කරන ලද “තණ්හා රතී රඟා” චිත්‍රපටයද නුදුරේ දීම තිරගත වනු ඇති අතර එය මේ වන විට විවිධ ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියකට පාත්‍ර වී ඇත.

වසර 19කට පමණ පෙර “සුද්දිලාගේ කතාව”, “අයෝමා” හා “සිරිමැදුර” වැනි විශිෂ්ඨ චිත්‍රපට වලට නිෂ්පාදන දායකත්වය සැපයූ බන්දුල ගුණවර්ධනයන් මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා යි.

DSC_4944-001 [800x600] DSC_4985 [800x600] DSC_4989 [800x600] DSC_4990-001 [800x600] DSC_5008 [800x600] DSC_5020 [800x600] DSC_5043 [800x600] DSC_5047 [800x600] DSC_5114 [800x600] DSC_5138 [800x600] DSC_5162 [800x600] DSC_5194 [800x600] DSC_5197 [800x600] DSC_5199 [800x600] malanpix-02 [800x600]

 

Share

111 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.