ප්‍රසන්නගේ 28 ආසියාවේ හොඳම චිත්‍රපටය වේ

Avatar Cinema.lk A | February 3, 2014 130 Views 0 Likes 0 Ratings

130 Views 0 Ratings Rate it

ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණ “28“ අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වු රොටඩෑම් සිනමා උළෙල ආසියාවේ හොඳම චිත්‍රපටය හිමි නෙට්පැක් සම්මානය දිනාගෙන තිබේ.නෙදර්ලන්තයේ රොටඩෑම් හි 43වන වරටත් පවත්වන ලද මේ සම්මාන උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මේ සිනමා පටයට එකී සම්මානය හිමිවුයේ ඉතා වැදගත් සංකීර්ණ විශයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම නිසාය.

තමන්ට ආවේනික සිනමාත්මක ශෛලීයකින් සිනමා කතාන්දරයක් ගොඩනගන ප්‍රසන්න මෙවර තවත් වෙනස් ආකාරයේ මාතෘකාවක් තෝරාගෙන ඇත.මියගිය ස්ත්‍රීයක් හා ඈ වටා වු අවශේෂ චරිතයන් තුනක් වටා දිවෙන මේ චිත්‍රපටය තවත් ප්‍රමුඛ පෙලේ නිර්මාණයක් වනු ඇති.මේ ඔහුගේ ඒ නවතම සිනමාපටයේ පුර්වප්‍රචාරක පටයයි.

Share

130 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.