අද දෙරණට සහ ටී.වී දෙරණට රයිගම් සම්මාන

Avatar Cinema.lk A | June 7, 2014 52 Views 0 Likes 0 Ratings

52 Views 0 Ratings Rate it

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී අද දෙරණ සහ ටීවී දෙරණ යළිත් වරක් සම්මානයට පාත්‍ර විය. 

රූපවාහිනී ක්ෂේත්‍රයේ කුසලතා දැක්වු විශිෂ්ඨයින්ට සම්මාන පිරිනැමෙන රයිගම් ටෙලි සම්මාවන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පස්වරුවේ පැවැත්වුණි. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙල පැවැත්වුණේ දස වන වරටයි. 

අපක්ෂපාතී සහ සමබර ප්‍රවෘත්ති වාර්තාකරනය සම්බන්ධයෙන් අද දෙරණ රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී ජුරියේ විශේෂ සම්මානයට පාත්‍ර වුණි. 

ඊට අමතරව වසරේ වසරේ විශිෂ්ඨතම කාලීන වැඩසටහන ලෙස මනුසත් දෙරණ සම්මානයෙන් පිදුම් ලබුණි. 

මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙලේ දී වසරේ විශිෂ්ඨතම වාර්තා වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගත්තේ ටීවී දෙරණ ඔස්යේ විකාශයවන පියසටහන් වැඩසටහන් මාලාවේ කරත්තය වැඩසටහනය. 

වසරේ විශ්ෂිඨතම නිර්මාණාත්මක රියැලිටි වැඩසටහන ලෙස දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් සම්මාන හිමි කර ගන්නා ලදී. 

මීට අමතරව මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ඨතම දේශපාලන කථිකා වැඩසටහන ලෙස දෙරණ 360 නිර්දේශවී තිබුණි. 

අද දෙරණ

Share

52 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.