ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමි

Avatar Cinema.lk A | August 8, 2014 103 Views 0 Likes 0 Ratings

103 Views 0 Ratings Rate it

ඇය නමින් හඳුනනවාට වඩා කොයි කවුරුත් ඇයව දන්නේ වෙද හාමිනේ කිව්වම තමයි.නොබෝ දිනකදී තම කලා ජීවිතයේ විස්පස් වැනි වසර සනිටුහන් කළ ඇය නමින් රෙබෙකා නිර්මලි.මේ වන විට ටෙලි නිර්මාණ එකසිය පණහකට අධික ප්‍රමාණයකට තම රංඟන දායකත්වය සැපයු ඇය සිනමාවද වෙීදිකාවද ජයගත් දක්ෂ රංඟන ශිල්පිණියක්.ඒත් දැන් වෙනදා මෙන් රංඟනයෙන් තම රසිකයන් පිනවන්නට නොහැකිව ඇය ඔත්පල වී සිටින්නේ කොයි කාගේත් සිතට මහත් ශෝකී හැඟීමක් එක්කරමිනි.

“රෙබෙකා අක්කා අසනීප වෙලා“..මේ අප වෙත ලැබුණු මුල්ම ආරංචියයි.සැමදාමත් කැමරා කාචය අභියස නොයෙකුත් රැඟුම් රැඟූ මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය මේ වන විට දැඩි සේ ගිලන්ව මහරගම රෝහලේ හත් වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා.මාස දෙකක් වැනි කෙටි කාලයකදී තමයි ඇය මේ ආකාරයෙන් රෝගී වෙලා තියෙන්නේ.අපි ආදරය කරපු,අපිට ලෙන්ගතු මේ සුන්දර රංඟන ශිල්පිණිය නැවතත් පුංචි තීරයේ,සිනමාවේ,වේදිකාවේ ඉන්නවා දකින්නයි අපි කාගේත් ප්‍රාර්ථනාව.ඒ හින්දම අපි ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

Share

103 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.