Rhythm of the Guitar – ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිත කතාව සිනමාවට

Avatar Kavinu Weerakkody | July 4, 2025 89 Views 0 Likes 5 On 1 Rating

89 Views 5 On 1 Rating Rate it

මෙරට සිටි දක්ෂ ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් නිමැවුනු, Rhythm of the Guitar: Clarence චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වනවා.

මෙහි ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ චරිතය නිරූපණය කරන්නේ නව පරපුරේ නැඟී එන නලුවෙකු වන දමිත් විජයතුංගයි.

ඒ සමඟින් දිනක්ෂි ප්‍රියසාද් ඉන්දාණි පෙරේරා ලෙසත්, සාරංග දිසාසේකර ඇනස්ලි මාලෙවන ලෙසත් මෙහි රංගනයෙන් එක්වනවා. නිහාරි පෙරේරා රංගනයෙන් එක්වන්නේ ක්ලැරන්ස් විජේවර්ධනගේ බිරිඳගේ චරිතයටයි.

Rhythm of the Guitar සිනමාපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කළේ තේජා ඉද්දමල්ගොඩ විසිනුයි. නමුත් අවාසනාවන්ත අයුරින් මෙය තිරගත වන්නට පෙර ඔහු ජීවිතයෙන් සමුගත්තා. හේමාල් රණසිංහ ප්‍රධාන චරිත රඟපෑ ආශාවරී සිනමාපටයත් ඔහුගේ අධ්‍යක්ෂණයක්.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් >>>>>>

 

ක්ලැරන්ස් විජේවර්ධනයන් සංගීත කලාවට පිවිසීම වගේම ගායකයෙකු ලෙසින් ඔහු ලැබූ ජනප්‍රියත්වයත් Rhythm of the Guitar සිනමාපටයෙන් ඔබට නරඹන්නට පුලුවන්. පවුලේ සැමට එකට නැරඹිය හැකි මේ අපූරු සිනමාපටය තුළින්, වෙනස්ම රසයකින් ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත කිහිපයක් රස විඳින්නටත් ඔබට හැකියාව ලැබෙනවා.

මෞලි දුෂ්මන්ත, ධනුෂ්ක ඩයස්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ශනුද්‍රි ප්‍රියසාද්, ධනුෂ්ක ඩයස්, චමිලා පීරිස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, ෆර්නි රෝෂිනී, පහන් කොස්තා වැනි තවත් නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.

Rhythm of the Guitar රුවන් කොස්තාගේ කැමරාකරණයකි. යශෝද ධනුපම සංස්කරණයෙන් සහ සුරේෂ් මාලියද්ද සංගීත නිර්මාණයෙන් එක් වනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආලෝකෝ උදපාදි ඔබ වෙත ගෙනා තුසිත ජයසේන යි.

ක්ලැරන්ස් විජේවර්ධනයන් මෙරට ස්වර්ණමය යුගයක සිංහල ගීත කලාවට වෙනස්ම මුහුනුවරක් එකතු කළ සංගීතවේදියෙක්. ඔහුගේ ගීත අදටත් එදා ලෙසින්ම ජනප්‍රියයි.

ඔබත් ඔහුගේ ගීතවල රසිකයෙකු නම්, එවන් විශිෂ්ටයෙකුගේ කතාවක් සිනමා තිරය මතින් දැකගන්නට ලැබෙන මේ අපූරු අවස්ථාව මඟහැර ගන්නට එපා!

PVR, Regal, Lite CInemas ඇතුලු දිවයින පුරා සිනමා හල්වලදී ඔබට දැන් ක්ලැරන්ස් සිනමාපටය නරඹන්නට පුලුවන්.

Share

89 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.