සාර්ක් චිත්‍රපට උළෙල නොමිලයේම නැරඹීමට චිත්‍රපට සංස්ථාවට එන්න.

Avatar Cinema.lk | May 18, 2014 34 Views 0 Likes 0 Ratings

34 Views 0 Ratings Rate it

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් 4වන වරට සංවිධානය කරනු ලබන සාර්ක් චිත්‍රපට උළෙල ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේදී මේ මස 20දින සිට 25වන දින දක්වා පැවැත්වේ.

දකුණු ආසියානු කලාපීය රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින , නේපාලය, පාකිස්ථානය හා ශ‍්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් වෘතාන්ත හා කෙටි චිත‍්‍රපට රැසක් මහජන ප්‍රදර්ශණය සඳහා විවෘතයි.

මෙම චිත‍්‍රපට උළෙල සඳහා දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින , නේපාලය, පාකිස්ථානය හා ශ‍්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරනු ලබයි. 20දා පස්වරු 5.30ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී මෙහි සමාර්ම්භක උළෙල පැවැත්වීමට නියමිත අතර චිත්‍රපට සියල්ලම නොමිලයේ නැරඹීම සඳහා සිනමා රසික සියළු දෙනාටම ආරධනා කෙරේ.

Share

34 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.