සැමීගේ කතාව එතෙරට

Avatar Cinema.lk A | October 26, 2012 170 Views 0 Likes 0 Ratings

170 Views 0 Ratings Rate it

සැමීගේ කතාව කපිතාන් එල්මෝ ජයවර්ධනගේ ග්‍රේෂන් සම්මානය දිනූ නවකතාව ඇසුරෙන් නිර්මාණය වු ප්‍රියංකර විතානාච්චිගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වු සිනමා පටයකි. ශාරීරික විකෘති භාවයකින් පෙළෙන මෝරා නැමැති නොවැඩුණු මානසිකත්වයක් සහිත තරුණයෙකුගේ චරිතය වටා දිවෙන මේ සිනමා සිතුවම කැනඩාවේ වැන්කුවර් සිනමා උළෙල නියෝජනයට වරම් ලත් අග්‍රගන්‍ය සිනමා කෘතියකි.

ඒ අනුව මෙම සිනමා පටය කැනඩාවේ ග්‍රැන්විල් ස්ට්‍රීට් තියෙටර්,එම්පයර් තියෙටර්,වැන්කුවර් ෆිල්ම්ස් තියෙටර්,එම්පයර් තියෙටර් සහ ගුල් ෆෝඩ්මේල් සරේ හී එය තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

ජගත් චමිල සමඟ මෙහි සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ ඇතුළු පිරිස රංගනයෙන් දායක වේ. විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂණයෙන් ද, ලක්ෂ්මන් ජෝශප් ද සේරම් සංගීතයෙන් ද, රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂණයෙන් මෙයට දායක විය.

 

Share

170 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.