සාරංගගෙන් අලුත් නිර්මාණ රැසක්ම

Avatar Cinema.lk A | February 22, 2013 92 Views 0 Likes 0 Ratings

92 Views 0 Ratings Rate it

සුප්‍රකට තරුණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වු සාරංග මෙන්ඩිස් මේ දිනවල තමන්ගේ සුපුරුදු ටෙලි නිර්මාණ ක්ෂ්‍රේත්‍රයෙන් ටික කලකට ඈත්වී චිත්‍රපට නිර්මාණකරණයට අතපොවා තිබෙනවා.භාර්යාවෝ,ගඟ අද්දර වැනි අති සුන්දර ටෙලි නිර්මාණයන් හරහා වත්මන් ටෙලි නාට්‍ය කලාවේ මහත් පෙරලියක් ඇති කළ ඔහු සිනමා මාධ්‍යයයෙන් ද ඉතා හොඳ නිර්මාණ දෙකක් නිර්මාණය කිරීමට මේ වන විට පිඹුරු පත් සකසමින් සිටිනවා.මෙසේ ඔහු නිර්මාණය කරන පළමු නිර්මාණය සඳහා දායක කරගෙන ඇත්තේ ප්‍රවීණ ලේඛිකාවක වන සුමිත්‍රා රාහුබද්ධ ගේ “ කන්දක් සේ මා“ නව කතාවයි.මෙ වන විටත් මේ නිර්මාණය සඳහා සියලුම නළු නිළියන් තෝරාගෙන අවසන් අතරම මේ චිත්‍රපටයේ රූ ගැන් වීමේ කටයුතු මෙරටදී මෙන්ම ජපානයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සාරංග තමන්ගේ නිර්මාණ දායකත්වය සපයන අනෙක් නිර්මාණය ඉතාලි-ශ්‍රී ලංකා හවුල් නිර්මාණයක් වශයෙන් බිහිවෙන්නක්.නිතී විරෝධි ලෙස ඉතාලිය බලා සංක්‍රමණය වන තරුණයෙකුගේ ජීවිත කතාව පසුබිම් කර ගනිමින් තැනෙන මේ නිර්මාණයේද රූප ගත කිරීම් මේ වසර මැද භාගයේදී සිදුකරන්න යොදාගෙන තිබෙනවා.ඩිෂාන් ලෝ නම් නවක අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණ දායකත්වයෙන් හැඩවෙන මේ චිත්‍රපටයේ තිරපිටපත සම්පාදනය කරනු ලබන්නේ සාරංග මෙන්ඩිස් විසිනුයි.

නිතැතින්ම අලුත්ම නිර්මාණයන් හරහා කලාවේ ගුණාත්මක භාවය සුරකින්න වෙර දරන මේ තරුණ නිර්මාණකරුවා මේ වන විටත් ඉතාමත් ආකර්ෂණීය ටෙලි සිතුවම් දෙකක්ම නිර්මාණය කර,අවසන්කර ප්‍රදර්ශනය සඳහා යොමුකර තිබෙනවා.ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වු උදයකාන්ත වර්ණසුරිය අතින් නිර්මාණය වු “ගිනිඅවි සහ ගිනි කෙළි“ සාරංග ‍ටෙලි සිතුවමක් වශයෙන් නිපද වු නිර්මාණ අතර වනවා.එමෙන්ම අනෙක් ටෙලි නිර්මාණය සඳහා තවත් අපුර්ව තේමාවක් භාවිතා කර තිබෙනවා.මෙසේ මේ කෘතිය නිර්මාණය කර ඇත්තේ උසස් පෙළ සිසුන් හතර දෙනෙකුගේ ජීවිතයේ අපුරු සිද්ධි දාමයන් කිහිපයක් අරඹයායි.“ශ්වේත කුසුම්“ලෙස නම් කර ඇති මේ නිර්මාණය ද සාරංගගේ පෙර නිර්මාණයන් මෙන් පුංචි තිරයේ මහත් විප්ලවයක් ඇති කරනු ඇති බවට හුඟ දෙනෙකු මත පළ කර අවසන්.

තමන් නිර්මාණය කරන කෘතියන් කුමන මාධ්‍යයකින් එළි දැක්වුවත් ඉතා උසස් නිර්මාණ බිහිකරන්න මේ තරුණ නිර්මාණකරුවාට හැකිවේවායි cinema.lk අපි ඉත සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා.

කන්දක් සේ මා චිත්‍රපටයේ පුර්ව නිශ්පාදන කටයුතු අතරතුරදී

කන්දක් සේ මා චිත්‍රපටයේ පුර්ව නිශ්පාදන කටයුතු අතරතුරදී

ශ්වේත කුසුම්

ශ්වේත කුසුම්

ශ්වේත කුසුම්

ශ්වේත කුසුම්

ශ්වේත කුසුම් ටෙලි සිතුවමින්

ශ්වේත කුසුම් ටෙලි සිතුවමින්

TRAVEL TO ROME TRAVEL TO ROME

 

ගිනි කෙළි සහ ගිනි අවි

ගිනි කෙළි සහ ගිනි අවි

ගිනි කෙළි සහ ගිනි අවි

ගිනි කෙළි සහ ගිනි අවි

ශ්වේත කුසුම් පුර්ව ප්‍රචාරක පටය

Share

92 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.