ආශිකී 2 නිළිය ශ්‍රද්ධා නළුවෙක්ට පිහියෙන් අැනලා (සංවේදී දර්ශණ සහිතයි)

Avatar Cinema.lk | May 29, 2014 55 Views 0 Likes 0 Ratings

55 Views 0 Ratings Rate it

ෙආශිකී 2 චිත්‍රපටය හරහා අති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්  Shraddha Kapoor පසුගිය දිනක චිත්‍රපට නළුවෙකු හට පිහියකින් ඇණ දරුණු තුවාල සිදුකර තිබුනා. මේ සියල්ල සිදුවූයේ මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Ek Villain’ චිත්‍රපටය රූගත කිරීම අතරතුරේ දීයි. එහිදී පිහි ඇණුමකට අදාල දර්ශණයක් රූගත කරන අතරතුරේදී ව්‍යාජ පිහිය වෙනුවට ඇත්තම පිහියක් මාරුවීම නිසායි මේ අනතුර සිදුවී ඇත්තේ. අනතුරෙන් පසුව තුවාල ලබා ලේ වැගිරෙමින් සිටි සටන් නළුවා වහාම රෝහල් ගත කර ඇති අතර අත්වැරදීමකින් සිදුවූ මේ අනතුර නිසා ශ්‍රද්ධා කපූර් ඇතුළු නිෂ්පාදක කණ්ඩායමම කම්පනයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සිදුවීමට සම්බන්ධ චිත්‍රපටය වන ‘Ek Villain’ චිත්‍රපටය මේ දිනවල සාර්ථකව තිරගත වේ.

shraddha_0 4166_4

Share

55 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.