චිත්‍රපට වල ස්ටොප් මෝෂන් ඉතිහාසය
සිනමාව කියන්නේ මායාවක්.ඇත්ත ලෝකයේ දකින්න නොලැබෙන හුඟාක් දේවල් සිනමා නිර්මාණයකින් දකින්න හුඟ දෙනෙක් ප්‍රිය කරනවා.ඒ හින්දම තමයි හුඟාක් දෙනෙක් කාටුන් චරිතයන්ට මේ තරම් ඇලුම් කරන්නේ.මේ කරුණු හින්දා මුල් කාලයේ පටන් සිනමාකරුවන් කාටුන් චරිත තම සිනමාපටයෙන් එළියට දාන්න ලොකු වැයමක යෙදුණා.මුල් කාලයේ ඉඳලම මේ සඳහා ඔවුන් පාවිච්චි කලේ ස්ටෝප් මෝෂන් එහෙම නැත්නම් ස්ටොප් ෆ්රේම් කියන තාක්ෂණය.මේ තාක්ෂණයේ වෙන්නේ මොකද්ද කියලා මේ නමේම තියෙන නිසා ඒ ගැන අමුතුවෙන් කියන් දෙයන් නැනේ.ඇත්තටම කියනවා නම් මෙහිදි වෙන්නේ ඡායාරූප ඇදලා හරි රූප අඹලා හරි එක ඉරියව්වකට අදාල රූප එහෙම නැත්නම් ෆ්රේම් ගැනීමයි.මේ කාරණය ගැන ඉතා සංයමකින් කරන්න ඔනැ සියුම් වැඩක්.
මුල් කාලයේ නිම වු දැවැන්ත සිනමාපට වල ඉන්න සමහර ෆැන්ටසි චරිත නිපදවලා තියෙන්නේ මේ කියන තාක්ෂණය භාවිතා කරලයි.සමහරු දන්නේ නැති වුනාට ජුරාසික් පාක් සිනමාපටයත් මුලින්ම ස්පිල්බර්ග් හදලා තියෙන්නේ ස්ටෝප් මෝෂන් ක්‍රමයටයි.ඔවුන් පසුව තමයි ත්‍රීමාණ සජීවිකරණ තාක්ෂණය මේ වෙනුවට පාවිච්චි කළේ.ඒ කොහොම වුනත් මුල් කාලයේ නිර්මාණය වු ගොඩ්සිලා,කින්ග් කොන්ග්,හා ටී රෙක්ස් ලා තනපු මේ තාක්ෂණය වර්තමානයේ නිම වු බොක්ස්ට්‍රොල් වැනි කාටුන් සඳහාද තවමත් භාවිතා කරනවා.මේ තියෙන්නේ එහි ව්‍යාප්තිය දැක්වෙන වීඩියෝවක්.
Written by Cinema.lk A







