බොලිවුඩ් වලින් හොලිවුඩ් යන අපේ ජැකී
බොලිවුඩයේ ඉන්න සුරුපිණියන් අතරේ ඉහළින්ම වැජඹෙන තාරකාවියක් වු ශ්‍රී ලාංකීය සුරුපිණිය ජැකලින් ෆර්නැන්ඩස් ඔන්න දැන් හොලිවුඩ් වලටත් පය තියන්න ලැස්ති වෙලා.ලැස්ති වෙලා නෙවෙයි….පහුගිය සතියේ ඒ වෙනුවෙන් වු කටයුත්තක් සඳහා ජැකී මේ වන විට කැනඩාව ගොසිනුයි ඉන්නේ.මින් ප්‍රථම බොලිවුඩ් නිළියන්ගෙන් හොලිවුඩ් වරම් හිමිකරන් තිබුණේ ඓෂ්චර්යා රායි,බිපාෂා බාසු හා මල්ලිකා ෂෙරාවත් වැනි නිළියක් කිහිප පොලක් විතරයි.ඔන්න දැන් ජැකිත් මේ ගොඩට ළගදීම එකතු වෙනවා
ප්‍රවීණ රංඟධර අල් පැචීනෝ වැන්නවුන් සමඟ සුහදව වැඩකටයුතු කළ ප්‍රවීණ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වු ජේමිස් සිම්සන් තමයි ජැකී ඉන්න මේ හොලිවුඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ.රන්බීර් ප්‍රධාන චරිතය හොබවන “රෝ“ සිනමාපටයේ රූ ගත කීරිම් නිම වු වහාම ජැකී මේ හොලිවුඩ් වැඩේ සඳහා දින වෙන් කරගෙනයි ඉන්නේ.
ත්‍රීලර් කැටගරියට අයත් සිනමාපයක් ලෙස නිපදවෙන මෙහි දැනට යොදා ඇති නම Definition Of Fear.මීට වඩා මේ ගැන තොරතුරු මාධ්‍ය වෙත තවම මේ නිෂ්පාදකවරුන් ලබා දීලා නැ.අපි මේ ගැන වැඩිවිස්තරයක් පසුවට කියන්නම්
Written by Cinema.lk A