කේ සෙරා හෙට සිට

Avatar Cinema.lk A | September 18, 2014 316 Views 0 Likes 0 Ratings

316 Views 0 Ratings Rate it

එකදා වැහි වැනි සම්මානනීය සිනමාපට හා චෙරියෝ හොල්මන් වැනි වාණිජ ධාරාවේ සිනමාපට අධ්‍යක්ෂණය කළ පරාක්‍රම ජයසිංහගේ නවතම සිනමාපටය කේ සෙරා මෙම මස 19 වැනිදා එනම් හෙට සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වනු ඇත.

 ස්පාඤ්ඤ නමක් වු කේ සෙරා හි හෙළ සිනමා සක්විති පුතු දමිත් ෆොන්සේකා දිගු කලකට පසු රංගනයේ යෙදීම විශේෂත්වයකි. ඩබ්ලිව්. ජයසිරි, දිල්හානි ඒකනායක, සැන්ඩෝ හැරිස්, ප්‍රියංකර පෙරේරා, ඇන්ජලා සෙනෙවිරත්න, මානෙල් වානගුරු, කේ. ඒ. පියකරු, මිෂෙල් හර්ෆ්ට්, හාන්ස් බිලිමෝරියා, යොෂිනි අබේසේකර කේ සෙරා හි සෙසු චරිත මවනු ඇත.

මෙය මයාලි ජයසිංහ සහ රිෂිනි ජයසිංහගේ නිෂ්පාදනයකි. ජී. නන්දසේන කැමරාව මෙහෙයවා ඇත.

සෝමපාල රත්නායකගේ සංගීත අධ්‍යක්ෂණයකි. එම්. එස්. අලිමාන් සංස්කරණ ශිල්පියාය. සෑම් පෙරේරා අංග රචනයෙන් එක් වී ඇත. රොෂාන් වර්ණකුලසූරියගේ කලා අධ්‍යක්ෂණයකි. කේ සෙරා අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද පරාක්‍රම ජයසිංහගෙනි

que sera (3) que sera (4) que sera (5) que sera (6) que sera (7) que sera (8) que sera (9) que sera (10) que sera (11) que sera (12) que sera (13) que sera (14) que sera (15) que sera (16) que sera (17) que sera (18) que sera (1) que sera (1) que sera (2)

Share

316 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.