දැයෙන් සමුගත් ආදරවන්තයා

Avatar Cinema.lk A | January 17, 2013 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

රොමියෝ-ජුලියට්,ලයිලා -මජුනු,සාලිය-අශෝකමාලා,දේව්-පාරෝ යන කුප්‍රකට ආදරවන්තයින් අතරට මෙරට සිනමාවෙන් එක් වුයේ දම්මී-සුගත් දෙපොලයි.ලාංකේය සිනමාවට ආදරය කරන කවර කෙනෙකු වුවත් මේ චරිතයන්ට දැඩි ලෙස ඇලුම් කරන්නේ ඒ චරිතයන් සෑබැවටම ඔවුන්වම ප්‍රති-නිරුපණය කළ නිසාවෙනි.

සුගත්…සුගත් වීරසේකර…රීදි තිරය මත ඒ අමරණී වු පෙම්වතාගේ භුමිකාවට පණ පෙවුයේ මහා නළු වික්‍රම බෝගොඩයි. ලාංකේය සිනමාවෙන් බිහි වූ විශිෂ්ට ගණයේ නළුවකු වූ වික්‍රම බෝගොඩ මහතා පසුගිය අගහරුවාදා දැයෙන් සමුගත්තේ මෙරට සිනමා මෙන්ම කලා ලෝකය තුළද පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කරමිනි. ගොළු හදවත චිත්‍රපටයේ සුගත් වීරසේකර ලෙස රගපාමින් අතිශය ජනාදරයට පත් වික්‍රම ගම් පෙරළිය,කලියුගය,යුගාන්තය යන චිත්‍රපට ත්‍රිත්වයේම තිස්ස කයිසාරුවත්තේ චරිතය රඟපෑමේ දුර්ලභ වාසනාව ලැබීය.

වික්‍රමගේ උපන්නේ මහනුවර හිඳගල ග්‍රාමයෙයි.මහනුවර ධර්මරාජ,කොළඹ ආනන්ද හා පන්නිපිටිය ධර්මපාල යන විද්‍යාල වලින් සිප්සතර හැදෑරු ඔහු වැනීසියේ වෙළෙන්දා නම් වේදීකා නාට්‍යයයේ ෂයිලොක්ගේ භුමිකාව නිරුපණය කරමින් කලා ලෝකයේ අත් පොත් තැබීය. පසුව ඔහු කරළියට පිවිසෙනුයේ සුගතපාලද සිල්වාගේ අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායමේ ප්‍රබල නළුවකු වෙමිනි.

ඔහු සිනමාවට පිවිසෙනුයේ ගම් පෙරළිය චිත්‍රපටයේ තිස්ස කයිසාරුවත්ත ගේ චරිතය රඟපාමිනි.පසුව දෙලොවක් අතර,කිංකිණි පාද,බිනරමලී,හත්දින්නත් තරු අහස් ගව්ව,පළඟැටියෝ ඇතුළු චිත්‍රපට රැසක හෙතෙම චරිත මැව්වේය.

Share

83 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.