යුරේනි ගෑස් දාපු ඇත්ත ආදර කථාව (වීඩියෝ සහිතයි)
යුරේනිනොෂිකා කියන්නේ තරුණ තරුණියන් අතර වඩාත් කථාබහට ලක්වූ තරුණ නිළියක්. නිළියක් ලෙස මෙන්ම වැඩසටහන් නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් ලෙස ඇය රසික රසිකාවියන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. ඒ වගේම අන්තර්ජාලය තුල පුවත් මවන්නියක් ලෙසත් ඇය හැඳින්වුනා. මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැනයි. ඇය පසුගිය දවසක තමන්ගේම කියලා ගීතයක් එළිදැක්වූවා. ඒ ගීතයත් එහි මියුසික් වීඩියෝවෙනුත් කියැවෙන්නේ තරුණයකෙුගේ ආදරයට මුලදී ප්‍රතික්ශේප කරන, අපේ භාෂාවෙන් කියනවානම් “ගණන් උස්සන“ තරුණියක් ගැනයි.
හැබැයි Cinema.lk අපිටනම් දැනගන්න ලැබුනේ මේ ගීතයෙන් කියවෙන්නේ යුරේනිගේම ආදර කතාව බවයි. ඒ කියන්නේ ඇය මුලදී ඇයගේ ආදරය දිනාගත් තරුණයාගේ ආදරය ප්‍රතික්ශේප කරමින් ගෑස් දැම්මත් පස්සේ දෙන්නා යාළු වෙලා. එ්වගේම ඇය නුදුරේදීම ඒ තරුණයා සමඟ විවාහ ගිවිස ගන්නටත් නියමිත බවයි අපට නම් දැනගන්න ලැබුනේ. කෙසේ නමුත් තවම ඒ තරුණය කවුද කියන එකනම් රහසක්.
Written by Cinema.lk