තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ ‘Nino Live’ චිත‍්‍රපටයේ ප්‍රදර්ශනයක්

Avatar Cinema.lk A | July 2, 2014 309 Views 0 Likes 0 Ratings

309 Views 0 Ratings Rate it

වසර දෙකක් පුරා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසික සිනමා හමුව තුළින් ප‍්‍රදර්ශනය කෙරුණේ තරුණ කෙටි චිත‍්‍රපටකරුවන්ගේ නිර්මාණ සහ යුරෝපීය කෙටි චිත‍්‍රපට වන අතර, පසුගිය මැයි මස සිට මෙම මාසික සිනමා හමුව නව මුහුණුවරක් ගනු ලැබීය.

මෙහිදී මෙතෙක් තිරගත නොවුණු වෘත්තාන්ත චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති අතර එම වැඩසටහනේ ප‍්‍රථම පියවර ලෙස පසුගිය මැයි මස 07 වෙනිදා ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘ස්වරූප’ වෘත්තාන්ත චිත‍්‍රපටය කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප‍්‍රදර්ශනය කෙරුණි.

එම වැඩසටහනේ දෙවන පියවර ලෙස තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කල ‘Nino Live’ වෘතාන්ත චිත‍්‍රපටය ජූලි මස 02 වෙනි බදාදා සවස 6.00 ට, කොළඹ, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය.

චිත‍්‍රපට ප‍්‍රදර්ශනයෙන් අනතුරුව පැවැත්වෙන සංවාදයේදී උපුල් ශාන්ත සන්නස්ගල, කිංස්ලි රත්නායක, ස්ටීව් ඞී ලා සිල්වා, තිසර ඉඹුලාන අදහස් දැක්වීමට නියමිත අතර, සංවාදය මෙහෙයවන්නේ අනෝමා රාජකරුණා විසිනි.

Share

309 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.