දුමී වන්නිආරච්චිගේ රංගනයෙන් හැඩවන “මම තනියම”

Avatar Kavinu Weerakkody | July 30, 2026 36 Views 0 Likes 0 Ratings

36 Views 0 Ratings Rate it

පුංචි තිරයේ නිර්මාණ රැසකින් ඔබට සමීප වූ, නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක් වන දුමී වන්නිආරච්චි සහ අකලංක ප්‍රභාෂ්වර ප්‍රධාන රංගනයෙන් එක්වන “මම තනියම” සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුනා.

රොහාන් වැලිවිට විසින් අධ්‍යක්ෂණය කරන මෙම නවතම නිර්මාණය සඳහා නෙතලි නානායක්කාර, රිචඩ් වීරක්කොඩි, නිමල් පල්ලෙවත්ත, කුමාර කරුණානන්ද, ගාමිණි ජයලත්, සුදර්ශනී ගැලනිගම, දිලුක්ෂි විතාරන, ජගත් ආනන්ද ඇතුලු තවත් ජනප්‍රිය නලු නිලියන් රැසක්ම රංගනයෙන් එකතු වීමට නියමිතයි.

මෙය රොහාන් වැලිවිටගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර මීට පෙර ඔහු විසින් සුසීමා සිංහල සිනමාපටය ද අධ්‍යක්ෂණය කළා.

මම තනියම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසිනි. කැමරාකරණය තිසුලදීප තඹවිට සහ තිර රචනය චන්දන සමරසේකර විසිනි.

සම්පත් රණසිංහ වේෂ නිරූපණයෙන් එක්වන මම තනියම චිත්‍රපටයේ සංස්කරණය අනූෂ ජයවර්ධනගෙනි. ආනන්ද බණ්ඩාර විසින් වර්ණ සංයෝජනය සිදු කරනු ලබනවා. චන්දන පීරිස් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයායි. ඇඳුම් නිර්මාණය අනෝමා වැලිවිට විසිනි.

මම තනියම චිත්‍රපටයේ විධායක නිෂ්පාදනය නුවන් වැලිවිට විසින් සිදු කරයි.

Share

36 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.