වාසවගේ ආදරණීය ප්‍රාර්ථනා සහ සුමිත්ගේ රංකොල්ලා සාර්ථක ගමනක!!
ලාංකීය තරුණ පරපුරේ සිනමාකරුවන් දෙදෙනෙකුගේ නවතම චිත්‍රපට ද්විත්වයක් මේ දිනවල සිනමා හල්වලට නිකුත් වී තිබෙනවා. එකිනෙකට වෙනස් ශානරයන්ගෙන් යුතු මෙම සිනමා නිර්මාණ ද්විත්වයම මෙරට ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්ව තිබෙන අතර දිවයින පුරා සිනමාහල් වල අතිශය සාර්ථකව අන්දමින් තිරගත වන බවත් සඳහන්..!
වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටය පසුගිය නොවැම්බර් 04 වනදා සිට තිරගත වීම ආරම්භ කළ අතර සුමිත් රත්නායකගේ රං කොල්ලා සිනමාපටය මුදාහැරියේ නොවැම්බර් 18 වනදායි.
ආදරණීය ප්‍රාර්ථනා (Adaraneeya Prarthana)
Romantic | Drama ශානරයට අයත් ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටය, මෙරට තරුණ රසිකයින් අතරෙ හි ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. මෙය වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කළ පළමු දිගු වෘතාන්ත සිනමාපටයයි. පසුගිය නොවැම්බර් 04 වනදා සිට තිරගත වීම ආරම්භ කළ මෙය, පළමු සති අන්තය අවසානයේදී වාර්තාගත Houseful දර්ශනවාර 16ක් සම්පූර්ණ කිරීමටත් සමත් වුනා.
මෙම දිනවල පවතින චිත්‍රපට තදබදය සහ අනෙකුත් කාරණා නිසා දිවයින පුරා wide release කිරීමට ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයට නොහැකි වුවත්, ඔවුන් සතු වුනු සීමිත සිනමාශාලා කිහිපය ආශ්‍රිතව සාර්ථක අන්දමින් මෙය තවමත් තිරගත වනවා.
MPI මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙස ප්‍රදර්ශනය වූ මෙය, සිය පළමු දින නවය අවසානයේදී ලක්ෂ 100ට වැඩි ආදායමක් හිමි කරගෙන තිබූ අතර 16වන දිනය පසු කරන විට ලක්ෂ 202 ඉක්මවූ box-office ආදායමක් රැස් කරගෙන තිබුනා. මෙය limited release කළ ලාංකීය සිනමාපටයක් මෑතකාලීනව රැස් කරගත් වැඩිම ආදායම ලෙසටයි සඳහන් වන්නේ.
ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ ශ්‍රී ලංකාවේ තිරගත වීමට පෙර මෙහි ප්‍රථම ප්‍රදර්ශනය ඇරඹුනේ ඕස්ට්‍රේලියාව ආශ්‍රිතවයි. ඔක්තෝබර් 23 වනදා සිට ඇරඹුනු ඕස්ට්‍රේලියානු ප්‍රදර්ශනය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කැනඩාව සහ ඇමරිකාවේදීත් මෙහි අන්තර්ජාතික තිරගත කිරීම් සිදුවුනා. පසුගිය නොවැම්බර් 20 වනදා ටෝකියෝ නගරය ආශ්‍රිතවත් ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ විශේෂ දර්ශනවාරයක් සංවිධානය කර තිබුනේ ජපානයේ තිරගත කළ පළමු සිංහල සිනමාපටය බවට පත්වෙමිනුයි.
තුන්කොන් ආදර කතාවක් වටා ගෙතෙන මේ සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා එක්ව තිබෙන්නේ ශනුද්‍රි ප්‍රියසාද්, නෙත්මි රොශෙල් සමඟින් රාහුල් වරාවිටගේ යි. සිනමාපටයේ සම්පූර්ණ ධාවන කාලයෙන් විනාඩි 40ක පමණ කාලයක් ගීත සඳහා වෙන් කර තිබෙන අතර මෙහි ඇල්බමය ගීත 07කින් සමන්විත වනවා. ආදරණීය ප්‍රාර්ථනා හි සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ යසස් මැදගෙදර විසිනුයි.
මෙහි ගී පද සියල්ලම රචනා කර තිබෙන්නේ ශෙහාන් ගලහිටියාවයි. භාතිය-සන්තුෂ්, යසස් මැදගෙදර, යශෝදරා මැදගෙදර, රිද්ම වීරවර්ධන, සුපුන් පෙරේරා ඇතුළු පිරිසක් ගීත ගායනයෙන් සම්බන්ධ වනවා. මෙය වාසව බදුගේ සහ යසස් මැදගෙදරගේ සම නිෂ්පාදනයක්. විධායක නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරන්නේ ඉෂන්ත විතානගේයි.
ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන ශනුද්‍රි, නෙත්මි සහ රාහුල්ට අමතරව නිමේශ් වීරංග, මිහිරංගි හෙට්ටිආරච්චි, පවිත්‍රා වික්‍රමසිංහ, ප්‍රියංකා ප්‍රියදර්ශනී, ඩොනවන් අරුණාසලම් වැනි රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්ද උප ප්‍රධාන චරිත සඳහා එක්ව තිබෙනවා.
ශනුද්‍රි ප්‍රියසාද් හා පවිත්‍රා වික්‍රමසිංහ හැරුණු කොට අනෙක් රංගන ශිල්පීන් සියලු දෙනාම පාහේ රංගනයෙන් සම්බන්ධ වූ පළමු චිත්‍රපටය මෙය වීමත් විශේෂත්වයක්!
PVR, Savoy, Lite Cinemas, KCC Multiplex සහ Regal ඇතුළු සිනමා හල් ගණනාවකදී ඔබට ආදරණීය ප්‍රාර්ථනා නැරඹිය හැකියි.
රංකොල්ලා (Ran Kolla)
’70 දශකයේ අනුරාධපුරයේ ඈත ගම්මානයක වාසය කළ, වයස අවුරුදු පහක පමණ අහිංසක කුඩා දරුවෙකු වටා ගෙතෙන රං කොල්ලා චිත්‍රපටය ලාංකීය සිනමාවට එක් වුනේ පසුගිය නොවැම්බර් 18 වනදා සිටයි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සම්මානිත “මහපොළොව” ටෙලි නාට්‍යය තුළින් මෙරට රසිකයින්ට සමීප වුනු සුමිත් රත්නායක විසිනුයි. සුමිත් රත්නායකගේ පළමු දිගු වෘතාන්ත සිනමාපටය වන්නේ ද රංකොල්ලා යි.
ආචාර්ය ජයලත් මනෝරත්න, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනවිරත්න, ගීතා කාන්ති, හේමසිරි ලියනගේ, මංජුලා කුමාරි, සරත් චන්ද්‍රසිරි, අනුර බණ්ඩාර රාජගුරු, මාදනී මල්වත්තගේ වැනි ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම රංකොල්ලා සිනමාපටයෙන් ඔබට දැකගත හැකියි.
ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජයලත් මනෝරත්න, සුමිත් රත්නායක සමඟින් ළමා නලු ඔකිත දම්සත් විසිනි. මෙම සිනමාපටය ආචාර්ය ජයලත් මනෝරත්නයන් විසින් අවසානයට රඟපෑ චිත්‍රපට කිහිපයෙන් එකක් වීමත් විශේෂත්වයක්! චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයට සමන් ලෙනින් එක්ව තිබෙනවා.
චිත්‍රපටයට පාදක වන්නේ ලේඛිකා ශාන්ති දිසානායක විසින් රචනා කර තිබෙන ජනප්‍රිය යොවුන් නවකතාවක් වන “රං කොල්ලා” ග්‍රන්ථයයි. මානව බැඳීම් සහ ආදරය වටා ගොඩ නැඟුනු සිද්ධි දාමයක් පාදක කොටගෙන නිර්මාණය වූ මෙය දිවයින පුරා සිනමාහල් ගණනාවකදී දැන් ඔබට නැරඹීමට හැකියාව තිබෙනවා. පහතින් දක්වා තිබෙන්නේ මේ වනවිට රංකොල්ලා සිනමාපටය තිරගත කෙරෙන සිනමාශාලා ලැයිස්තුවයි..!
PVR – ONE GALLE FACE MALL
KCC – නුවර
නිව් ඉම්පීරියල් – කුරුණෑගල
නිව් ඉම්පීරියල් – රත්නපුර
නිව් ඉම්පීරියල් – යටියන්තොට
ස්කයි ලයිට් – මාළඹේ
ලිඩෝ – බොරැල්ල
MC – බම්බලපිටිය
දොන්ස් ප්ලාසා – කලුතර
හිමාලි – කිරිබත්ගොඩ
රෝයල් – මීගමුව
රීගල් – ගම්පහ
රීගල් – නුවරඑළිය
දුල්මිණි – හොරණ
රුහුණු – තංගල්ල
ප්‍රින්ස් – ගාල්ල
චාන්දනී – වැලිගම
ස්කයි ලයිට් – මාතර
විජේන්ද්‍රා – අනුරාධපුර
මහලේකම් – කුළියාපිටිය
නිව් නන්දා – නිකවැරටිය
අමා – මාතලේ
සිටි සිනමා – කොච්චිකඩේ
CK – කිරිඳිවැල
මිලානෝ ගෝල්ඩ් – කෑගල්ල
ඇමිටි ලයිට් – මහරගම
Written by Kavinu Weerakkody