ශර්’ලි දෙලංකාවල සිනමාවට නඟන හන්තානට ඇහෙනවද…

Avatar Kavinu Weerakkody | July 15, 2026 42 Views 1 Like 5 On 1 Rating

42 Views 5 On 1 Rating Rate it

“හන්තානට ඇහෙනවද” සිනමා නිර්මාණය, පසුගියදා නිෂ්පාදන කටයුතු ඇරඹූ නැවුම් කතා තේමාවක් සහිත සිනමාපටයක්. ජනප්‍රිය නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වන මෙය අධ්‍යක්ෂණය කරන්නේ ශර්’ලි පී දෙලංකාවල විසිනි. චිත්‍රපටයේ රංගනයෙන් එක්වන නලු නිලියන් සහ කාර්මික ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් මෙහි මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුනා.

හන්තානට ඇහෙනවද චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් එක්වන්නේ ධනුක දිල්ශාන්, සෙනාලි ෆොන්සේකා සමඟින් මලීෂා ජයසිංහයි. ඒ සමඟින් කළණ ගුණසේකර, අකලංක ප්‍රභාෂ්වර, තුමිඳු දොඩන්තැන්න, නිල්මිනී තෙන්නකෝන්, බියංක අමරසිංහ ඇතුලු රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට එක්වනවා.

හන්තානට ඇහෙනවද චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ රිම්සාන් ෂහීඩ් විසිනි. චන්දන ජයසිංහ කැමරාකරණයෙන් සහ අමිත් ගුරු පසුබිම් සංගීතයෙන් එක්වනවා.

හන්තානට ඇහෙනවද චිත්‍රපටයේ පළමු රූගත කිරීම් මහනුවර ප්‍රෙද්ශයේදී පසුගියදා ආරම්භ වුනා.

Share

42 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.