අන්තෝනියෝ ග්‍රාම්ස්චි සැමරුම් සැන්දෑවක් කොළඹදී

Avatar Nisanka Weheraduwa | April 24, 2018 91 Views 0 Likes 0 Ratings

91 Views 0 Ratings Rate it

20 වැනි සියවසේ දාර්ශනිකයකු වන ඉතාලි ජාතික අන්තෝනියෝ ග්‍රාම්ස්චි සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධාන කොට තිබෙනවා. අප්‍රේල් 27 වැනිදා මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජ සා සාමයික කේන්ද්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති. එදින සවස 2.00ට සිනමා දර්ශනයක් පැවැත්වීමට නියමිතයි. Gramsci 44 නමින් ඔහු පිළිබඳව 2016 වසරේ නිර්මාණය කෙරුණු චිත්‍රපටය මෙලෙස තිරගත වනවා.

 

3.15ට පමණ චිත්‍රපටය අවසන් වීමෙන් අනතුරුව 3.30 සිට 6.00 දක්වා සම්මන්ත්‍රණය සහ සංවාදයක් පැවැත්වීමට අපේක්ෂිතයි. “ග්‍රාම්ස්චිගේ අවතාර” යන මාතෘකාව ඔස්සේ විදර්ශන කන්නන්ගර පළමු දේශනය පවත්වනවා. ඉන් අනතුරුව ග්‍රාම්ස්චි සමරු දේශනය පවත්වන්නේ සුමිත් චාමින්ද විසින්. උතුරේ ප්‍රශ්නය ලංකාවේ යටත් විජිත පාලක පන්තියේ හෙජමොනික අර්බුධයෙහි ප්‍රකාශනයක් ලෙස” මන් ඔහු දේශනය පැවැත්වීමට නියමිතයි. සංවාද මණ්ඩපය මෙහෙයවන්නේ දයා තම්මිටආරච්චි විසින්. අප්‍රේල් 27 වැනි සිකුරාදා සවස 2 සිට ඉතාලි ජාතික මාක්ස්වාදී දාර්ශනික ග්‍රාම්ස්චි සැමරුමට ඔබටත් එක්විය හැකියි.

31180215_341297329726922_8042555582948835328_n

 

Share

91 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.