අනෝමා ජනාදරී ප්‍රත්‍යවලෝකන සිනමා දැක්මක්

Avatar Nisanka Weheraduwa | September 18, 2019 524 Views 0 Likes 0 Ratings

524 Views 0 Ratings Rate it

දේශීය මෙන්ම විදෙස් සම්මාන උළෙල රැසක හොඳම නිළිය ලෙස සම්මාන දිනූ රංගන ශිල්පිනි අනෝමා ජනාදරී රංගනයෙන් දායක වුනු චිත්‍රපට තිරගත කෙරෙන සිනමා උළෙලක් පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබෙනවා. “අනෝමා ජනාදරී ප්‍රත්‍යවලෝකන සිනමා දැක්ම” ලෙස මේ සිනමා උළෙල නම් කොට තිබෙනවා. සැප්තැම්බර් 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මේ සිනමා උළෙල පැවැත්වෙනු ඇති. සෑම දිනකම සවස 5.00ට සිනමාපටය තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා.

සැප් . 23 –  තනි තටුවෙන් පියාඹන්න (අසෝක හඳගම)

සැප්. 24  –  මේ මගේ සඳයි (අසෝක හඳගම)

සැප්. 25 – දැවෙන විහඟුන් (සංජිව පුෂ්පකුමාර)

මෙම සිනමාපට ත්‍රිත්වය කෙරෙන සිනමා උළෙල සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නක්. සිනමාලෝලි ඔබ සැමට මේ සිනමා උළෙල හා එක්වන ලෙස ඇරියුම් කෙරෙනවා.

Share

524 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.