අයිතිය වෙනුවට අත්හැරීම – ආදරයද මේ..?

Avatar Nisanka Weheraduwa | October 18, 2017 166 Views 0 Likes 0 Ratings

166 Views 0 Ratings Rate it

ආදරය ගැන පොදුවේ විමසුවොත් ලැබෙන පිළිතුරු හාත්පසින්ම වෙනස්. හේතුව එකිනෙකාට ආදරය දැනෙන විදිහත් විඳින විදිහත් සියල්ල වෙනස් නිසා. ආදරය කරනවා වගේම ඒ ආදරය පළුදු වෙන්නත් එක පුංචි හේතුවක් ප්‍රමාණවත්. කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් එතනදි වෙන්නෙ ඇත්තටම ආදරය පළුදු වීමක්ද ඊට වඩා වෙනස් හැඟීමක් මෙහෙයවීමකින් ආදරය බලෙන් යටපත් කරවීමක්ද කියල. ඔව්. ඒක එහෙම වෙන්නත් පුලුවන් කියල කියන්නත් මේ කෙටි චිත්‍රපටය උදවු වෙනවා. අත්හැර දැමූ ආදරයක මතක විඳින ආදරවන්තයින් යුවලක් අවසානයට ඒ හැඟිමට කුමක් සිදුවෙයිද,..? මොහොතක් නවතින්න. මේ ආදර මතක ඔබත් විඳින්න. ඔබට ඔබේ අතීත අත්දැකීම් සිහිවන්නටත් පුලුවන්..
Sumit Arora රචනා කොට අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටයට Kritika Karma සහ Kunal Kapoor රංගනයෙන් දායක වුනා.

 

Share

166 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.