ආදරයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 1.25

Avatar Cinema.lk A | August 7, 2012 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

ආදරය, මුදල්වලින් පෙන්වීම බොලිවුඩ් තිරයේ පෙම්වතුන් තිරයේදී මෙන්ම තිරයෙන් මෙපිටදී ද ඉතා කැමැත්තෙන් කරන්නකි. ආදිත්‍ය චොප්රා ඉන්දියානු රුපියල් කෝටි 1.25 කින් රාණිට ‘ආදරය’ පෙන්වන්නට සිතුවේ එනිසාය.

ඔහු ඇයට අවුඩි 8 ඩබ් 12 මෝටර් රථය මිලදී ගෙන රාණිගේ ඔහුට ඇති ආදරය තවත් වැඩි කර ගත්තේය.

රාණි වාහනය දැක සතුටින් ඉපිළ ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ඇය අවුඩි රථවලට දක්වන්නේ පුදුමාකාර ඇල්මකි.

ආදිත්‍යගේ දික්කසාද නඩුව අවසන් වීමෙන් පසු රාණි ඔහුගේ ‘දුල්හනියා’ (මනාලිය) වනු ඇත.

පෙම් දම නිසා වගේම මිතු දම නිසා ද බොලිවුඩ් තරු, මෝටර් රථ තෑගි ලෙසින් හුවමාරුකර ගනිති. සල්මන්, කරීනාට බීඑම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් තිළිණ කළේ මෑතකදීය

Share

65 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.