මාලිනීගේ චිත්‍රපට නාම ගීයක් වෙයි

Avatar Cinema.lk A | August 6, 2012 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

හෙළ නිළි රැජන මාලිනියට උපහාර පිණිස එතුමිය රඟපෑ චිත්‍රපට නාම එකතු කොට තැනූ රූප රචනා සහිත ගීයක් පසුගියදා එළිය දුටුවේය.

අර්ජුන බාලසූරිය සහ විනෝජ් බාලසූරිය මේ සඳහා හඬ මුසුකොට තිබේ.

රචනය ජනක් අම්බලන්ගොඩගෙනි. මෙය බොස්ටන් ලංකා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයකි.

පහත සඳහන් වනුයේ එම ගීතයේ පදමාලාවයි.

යෞවනයට ඔබ සොඳුරු යුවතිය

හද කුල්මත් කරනා

වසන්තයට ඔබ මල් පොකුරක් විය

නෙත් යුග මන බඳිනා

දිලින්දෙකුට ඔබ සෙනෙහෙ ගඟක් විය

සිතගත ඔප කරනා

කලා ලොවට ඔබ අග රැජිනක්මය

පොදු ජන සිත දිනනා

අම්මාවරුන්ගේ සුමනාවතියයි

පුරන් අප්පුගේ බණ්ඩාර මැණිකෙයි

නිර්මලාය ඔබ සිරි මැදුරේ විසූ

බික්කුණිය ඔබ උත්පලවණ්ණා

ගුරුතුමියයි ඔබ සුරංගනාවිගේ

බඹරු ඇවිත්හි හෙලන්ය ඒ දවසේ

මරු සිරාගෙ සිත සැනෙන් සසල කළ

රන් මැණිකේ ඔබ වේ මට පෙම් කළ

රිදී තිරයෙ නවකයින්

දිරිය මව දුටුවෙ ඔබෙන්

රිදී තිරයේ පැරැණ්නන්

දිරිය දුව දුටුවෙ ඔබෙන්

රිදී තිරයේ රසිකයින්

දිරිය කත දුටුවෙ ඔබෙන්

රිදී තිරයේ සැබෑ ගැහැනිය

අග රැජින දුටුවෙ ඔබෙන්

 

Share

56 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.